BREAKING NEWS
Search

පොඩි කාලයක් හිරේ අදින්න වෙනවා.. ඇදලා එන්නම් – නියෝගයෙන් පසු නාමල් කියයි…

62
නාමල් කුමාර ගැනයි මේ පුවත…
කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීම කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බ්නධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර (15) නියෝග කළා.

සැකකරුවන්ගේ ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ ඉල්ලීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරිය නාමල් කුමාරට බන්ධනාගාර හරහා ප්‍රකාශ ලබා දෙන ලෙසයි නියෝග කළේ.

එමෙන්ම දෙවන සැකකරුගේ කකුලේ ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත්, නාමල් කුමාර යන අයත් අසනීප තත්ත්වයෙන් සිටින බවත්, ඔවුන්ගේ නිතිඥවරුන් අධිකරණයට දැනුම් දුන් අතර, එම නිසා අසනීප තත්ත්වයන්ට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ඇප ලබා දෙන ලෙස නිතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, ඇප සම්බන්ධයෙන් සලකා බැලීම ඉදිරි දින සිදු කරන බව දැනුම් දුන්නා.

සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික මීසම් පාලකවරුන් පස් දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ ගෙන අවසන් බවත්, පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම කතෝලික පියවරුන් 206ක් අත්සන් කර මීට විරෝධය ප්‍රකාශ කර පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබෙනවා.

ජාතික කතෝලික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව නාමල් කුමාර අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *