මධුසමයට ගිහින් මනාලියන් මාරුකරගෙන… මවිපියන්ට උන් හිටි තැන් අමතක වෙයි – රත්නපුරෙන් ඇහෙන කතාව

10719

මඟුල්දාට පසුදා මනාලිය වෙන පුරුෂයෙකු සමඟත් මනාලයා වෙන තරුණියක සමඟත් ගිය පුවතක් රත්නපුර දිස්ක්‍රික්කයේ එක්තරා ගමකින් පසුගිය ද අසන්නට ලැබුණා.

සිදුවීම මෙසේ යි…

මවුපියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර ඇති අතර ඇය ඊට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් ඇති කර ගත් නිසායි.

කෙසේ වෙතත්, මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇති අතර ඇයට යෝජනා කළ තරුණයාද වෙනත් තරුණියක සමඟ සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා.

කෙසේ හෝ මඟුල තීන්දු වී ජයටම සිදු කෙරී ඇති අතර ඔවුන් මධුසමයට ගිය අවස්ථාවේ හෝටලයේදී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමඟ හෝටලයෙන් පිටවී ගොස් තිබෙනවා.

උදෑසන අවදි වූ තරුණයා ඇගේ ලිපිය දැක ඔහු යාළු වී සිටින තරුණිය සමඟ පලාගොස් තිබෙනවා.

පසුදා දෙවනි මඟුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මඟුල් රථය ආපසු හිස් අතින් පැමිණෙන දුටු මනාල යුවළගේ මවුපියන් සිදු වී ඇති කාරණය අවබෝධ වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් වීමට නොහැකිව හිමිහිට මඟුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *