BREAKING NEWS
Search

කෑම මිල අඩු වෙයි ?

555

ගෑස්, බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස  පහළ ගොස් තිබියදීත් කෙටි ආහාර ඇතුළු අනෙකුත් ආහාර වර්ගවල මිල ගණන් පහළ නොයාම විශාල ගැටලුවක් බව පාරිභෝගිකයින් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ, වෙළෙඳුන් ලාභ ඉපැයීම පමණක් අරමුණු කරගනිමින් පාරිභෝගිකයා පීඩාවට පත්කරන බවය.

පසුගිය සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කෙරෙන බිත්තර, තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම ගෑස් ඉන්ධන වැනි භාණ්ඩ රැසක මිල ඉහළ ගියේය.

ඒ සමග තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ආහාර නිෂ්පාදකයන් හා වෙළඳුන් පියවර ගත් අතර සුපුරුදු පරිදි එහි බර ද දැරීමට සිදුවූයේ මෙරට පාරිභෝගික ජනතාවටය.

කෙසේ වෙතත්, ගෑස්, තිරිඟු පිටි පමණක් නොව බිත්තර මිලද අද වනවිට සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

පාරිභෝගිකයින් චෝදනා කරන්නේ, ආහාර මිල ගණන් පහළ නොදැමීමට වෙළෙඳුන් පියවර නොගන්නේ ඒ වෙනුවෙන් බලපෑමක් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුනොවීම නිසා බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *