කුඩා දරුවන් ඇඟිලි උරා බීම මව්වරුන්ට විශාල ගැටලුවකි. පුංචි දරුවෝ මව් කුසේ සිටියදී පවා ඇඟිලි උරා බොති. ඇඟිලි පමණක් නොව අතට අසුවන ඕනෑම දෙයක් උරා බීමටත් අත කටේ දමා ඉරීමට උත්සාහ කිරීමටත් ඔවුන් පෙළඹේ. නිදාගැනීමට ආරක්ෂාව ලබාගැනීමට සහනය ලබාගැනීමට බඩගින්න හුදකලාව දැනුනු විට දරුවෝ ඇගිලි උරති. ඇගිලි ඉරීම ඉතා ම ස්වාභාවික අහිංසක චර්යාවක් සේම දරුවාගේ දත් වලට බලපෑමක් ඇති විය හැකි සහ ඇබ්බැහි වූ නරක පුරුද්දක් බවට පත් විය හැකි ගැටලුවක් වන අවස්ථා ද ඇත.
කෙසේ වෙතත් අවුරුදු දෙකකට අඩු දරුවන් ඇගිලි උරා බීම ඉතා ස්වාභාවික බව හා එය දරුවකුගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය බව ළමා මනෝ විද්‍යාවේ මනාව පැහැදිලි කරයි.
ළමා මනෝ මනෝ විද්‍යාවේ එන පිළිගත් වැදගත්ම න්‍යායන් වන සිග්මන් ප්‍රොයිඩ් ඉදිරිපත් කරන ලද පෞරුෂ සංවර්ධනය න්‍යායට අනුව දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනය වන අවධීන් 5ක් පැහැදිලිව ඉදිරිපත් කර ඇත.ඒවා මනෝ ලිංගික අවදි ලෙසත් හඳුන්වනු ලබයි. එම න්‍යායන්ට අනුව උපතේ සිට අවුරුද්දයි මාස හයක් යන තෙක් දරුවෙකු මුඛ අවධිය එසේත් නැත්නම් මුඛීය අවධිය ගත කරයි. මේ අවධිය තුල කුඩා දරුවෙකු බොහෝ අවශ්‍යතා ඉටුකර ගන්නෙත් විශේෂයෙන් තෘප්තිමත් භාවයට පත් වන්නේත් මුඛය ආශ්‍රිය කරගෙනයි. මෙම නිසා මෙම කාලය තුළ අතර අතට අසුවන ඕනෑම දෙයක් මුඛය තුළට ගැනීම සහ ඉරීම ඉතා සාමාන්‍ය දෙයකි.මනෝ විද්‍යාවට අනුව මෙයින් දරුවා ඉමහත් ආශ්වාදයක් හා තෘප්තිමත් භාවයක් ලබයි. දරුවෙකුගේ මෙම මුඛීය අවධියේ පලවෙනි ක්‍රියාවලියේ පළවෙනි අදියරේ දී හෙවත් පරායත්ත මුල් අවධියේ දී උරා බීමටත් අවුරුද්දෙන් පසු හෙවත් දෙවන මුඛීය අවධිය හෙවත් හිංසාකාරී මුඛීය අවධියේ දී මෙය කිරීමට අමතරව කැපීමටත් පෙලඹීමට ඉඩ ඇත. මෙවැනි චර්යාවන් ඉතාමත් සාමාන්‍ය වෙයි. මේ නිසා දරුවකුගේ මෙම කාලය තුළ ඇඟිලි ඉරීම වැනි චර්යාවන් දරුවාට අපහසුවක් දැනෙන අයුරින් නවතාලීම සුදුසු නොවේ. මෙම අවධියේ නිසි ආකාරව මනෝ ලිංගික අවශ්‍යතා තෘප්තිමත් නොවීම දරුවාගේ superegoහි වර්ධනයට අයහපත් ලෙස බලපායි. මේ නිසා දරුවාගේ මෙම උපතේ සිට අවුරුදු එකහමාරේ ද, දෙකක් පමණ යන තෙක් දරුවාට කිරි උරා බීම මවගේ උණුසුම ලැබීම හා මෙවැනි මුඛය ආශ්‍රිත ව සිදුකරනු ලබන ස්වාභාවික තෘප්තිමත් වීමේ චර්යාවන්ට අවස්ථාව ලබාදීම නිසි පෞරුෂයෙන් යුතු පුද්ගලයෙකු බිහි කිරීමට හේතු වේ.
කුඩා දරුවන් ඇඟිලි උරා බීම මව්වරුන්ට විශාල ගැටලුවකි. පුංචි දරුවෝ මව් කුසේ සිටිය දී පවා ඇඟිලි උරා බොති. ඇඟිලි පමණක් නොව අතට අසුවන ඕනෑම දෙයක් උරා බීමටත් අත කටේ දමා ඉරීමට උත්සාහ කිරීමටත් ඔවුන් පෙළඹේ. නිදාගැනීමට ආරක්ෂාව ලබාගැනීමට සහනය ලබාගැනීමට බඩගින්න හුදකලාව දැනුනු විට දරුවෝ ඇගිලි උරති. ඇගිලි ඉරීම ඉතා ම ස්වාභාවික අහිංසක චර්යාවක් සේම දරුවාගේ දත් වලට බලපෑමක් ඇති විය හැකි සහ ඇබ්බැහි වූ නරක පුරුද්දක් බවට පත් විය හැකි ගැටලුවක් වන අවස්ථා ද ඇත.
කෙසේ වෙතත් අවුරුදු දෙකකට අඩු දරුවන් ඇගිලි උරා බීම ඉතා ස්වාභාවික බව හා එය දරුවකුගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය බව ළමා මනෝ විද්‍යාවේ මනාව පැහැදිලි කරයි.
නමුත් බොහෝ මව්වරු මෙවැනි අවස්ථා වල දී දරුවා ඇඟිලි ඉරීම පුරුද්දක් ලෙස තබා ගනිති බිය වේ. දෑතට මේස් දැමීම, බැද තැබීම වැනි දේ කරති. වයස අවුරුදු 2ට අඩු දරුවකුට කෙසේවත් මෙම චර්යාවන් වැලැක්වීමට උපක්‍රම යෙදීම නුසුදුසුය. අවුරුදු 2න් පසු ද වසර 4-5 සපිරෙන තෙක් ද දරුවන් ඇගිලි ඉරීම අසාමාන්‍ය හානි දායක ඇබ්බැහිවීමක් ලෙස සලකන්නේ නැත. නමුත් අවුරුදු 2න් පසු දරුවාට තරවටු කිරීමකින් තොරව නොදැනෙන ලෙසින් අත කටින් ඉවත් කිරීම වරින වරට සිදු කිරීම කල හැක. නමුත් ස්ථිර දත් ඒමට පටන් ගැනීමත් සමඟ හෝ අවුරුදු 5 පසුවීත් ඇඟිලි උරා බීම නවත්වන්නේ නැති නම් එය හානිකර විය හැක.
- මුඛයේ හැඩය වෙනස්වීම
- උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඒම
- උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් අතර හිදැස් ඇති වීම
- යටි ඇන්දේ දත් උලට නෙරා යාම,
- සෙසු දරුවන්ගේත් සමාජයේත් විහිලුවටලක් වීම,
- කථනයට යම් යම් බලපෑම් ඇතිවීම.
මෙම කාලයේදී ඇගිලිඉරීමේ පුරුද්දෙන් දරුවා මුදවා ගැනීමට කල හැකි දේ
- එකවර කල නොහැක.
- පියවරෙන් පියවර යම් ක්‍රියා මාර්ගයන් මගින් වැලැක්විය යුතුය. දඬුවම් කිරීම, තරවටු කිරීම, අන් අය ඉදිරියේ ලැජ්ජා කිරීම කිසිසේත් නොකල යුතුයි.
- දරුවාගේ සිරුරේ ඇති විය හැකි අවලස්සන වීම පිළිබඳ ව ආදරයෙන් වටහා දෙන්න.
- ඒ බව නරක කැත සිරිතක් බව ඒත්තු ගන්වන්න.
- ඇඟිලි උරන්නේ නැතුව සිටීම පිළිබඳව දරුවා ප්‍රශංසාවට ලක් කරන්න.
- අඩුම තරමින් සෙනඟ ගැවසෙන ස්ථාන වල ඇඟිලි ඉරීම නොකරන ලෙස දරුවාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න.
- දරුවාගේ හුදෙකලා බව මඟ හරවන්න. හැකි පමණ ආදරය උණුසුම දරුවාට දැනෙන්න ලබා දෙන්න.
- දරුවාගේ අත් වලට නිතර ව්‍යායාමයක් ලබාදෙන සරල ක්‍රියාවක යෙදෙන්න. building blocks සෙල්ලම් බඩු චිත්‍ර ඇඳීම වැනි දරුවා කැමති ක්‍රියාකාරකමකට නිතර යොමු කරන්න.
- රාත්‍රී කාලයේ දී මේස් දැමීම හෝ පිරිසුදු රෙදි කැබැල්ලක් අතේ එලීම වැනි දෙයක් කළ හැක.