BREAKING NEWS
Search

පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක් – පොලිස් නිලධාරීන් පාප්ප පිටින්ම සැකකරුවන් ලුහුබැදලා

199

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ පුවතක් පන්නල පොලිසියෙන් වාර්තා වේ.

ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පෙරේදා 15 රාත්‍රී 8.30 ට පමණ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පාප්ප බාල්දියෙන් පැනගොස් ඇත.

ඒ අවස්ථාවේ පොලිස් නාලධාරින් පාප්ප පිටින්ම සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇලබඩගම සුහද ජනපදයේ සහ ඇලබඩගම පල්ලියවත්ත පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවත් පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *