ගම්පහ මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

315

යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (01) ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරින් පසු රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පළාගොස්  ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *