BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණය ට

130

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන එන ලදි.

අප වාර්තාකරු පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය අද දහවල් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *