Latest Articles
Search

උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද – මෙන්න ලග්න පලා පල …

493
උදාවන්නේ තවත් අලුත් අවුරුද්දකි. එනම් අලුතින් හිතා අලුත් අදහස් අනුව කටයුතු කර ජය ගැනීමට අදිටන් කරගත යුතු අවස්ථාවකි.

Advertisement
බුද්ධ වර්ෂ, රාජ්‍ය වර්ෂ හෙවත් ක්‍රිස්තු වර්ෂ ශක වර්ෂ, කලියුග වර්ෂ, සූර්ය වර්ෂ ආදී විවිධ ලෙස හැඳින්වෙන අවුරුදු තිබේ. සූර්ය වර්ෂයක නිමාවත් සමඟ උදාවන මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඈත අතීතයේ පටන් සමරන ලද්දකි. වර්ෂ 2024 අප්‍රේල් මස 13 වැනි ශනි දින රාත්‍රි 9.05ට අලුත් අවුරුද්ද උදාවන්නේය.

Advertisement

තත්කාලයට කුජ හිමි වෘශ්චික ලග්නය ද තුලා නවාංශකය ද මුව සිරස නැකත ද උදාවෙයි. දළ කේන්දරයේ ලග්නයෙන් හතරවැන්නේ කුජ සහ ශනි ද පහේ බුධ සිකුරු ද සමග රාහු ද හයේ රවි සමඟ ගුරු ද අටේ සඳු ද එකොළහේ කේතු ද සිටී. 2024 වසර ඇතුළත නම් ග්‍රහ යුද්ධ දහඅටක් සිදුවේ. ශ්‍රී ලංකාව පිළිබඳව සලකනවිට මෙම සංවත්සර කේන්දරයෙන් බොහෝ කරුණු අනාවරණය වන්නේය.

Advertisement
සෙනසුරු සමඟ කුජ හතරවැන්නේ පිහිටීම නිසා රජයට බොහෝ බාධා ඇතිවිය හැකි බව පෙන්වයි. මේ යටතේ විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන ආදී බලපෑම් රජයට එල්ලවනවා ඇත. මේ අතර අධ්‍යාපනයේ දියුණුවට ද කරුණු යෙදෙන බව පෙනේ. පස්වැන්නේ බුධ පිහිටීම පාසල් අධ්‍යාපනය පිළිබඳව යහපත් තත්ත්වයක් පෙන්වයි. තවද දරු උපත් සංඛ්‍යාව ඉහළ යනවා ඇත. කාන්තා පක්ෂයට සුබදායක නැත. කාන්තා මරණ සංඛ්‍යාව ඉහළ යනවා ඇත. ප්‍රභූ කාන්තාවකගේ අභාවප්‍රාප්තවීම ද සිදුවේ.

Advertisement
කලා ශිල්පීන්ට සුබදායක වේ. නළු නිළියන්, රූපවාහිනී ශිල්පීන්, ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්, රූපලාවණ්‍ය ශිල්පීන්, කැමරා ශිල්පින් වැනි කලා ශිල්පීන්ට සුබදායවක වේ. නර්තන, චිත්‍ර, නාට්‍ය, සංගීත ක්‍ෂේත්‍රවල ප්‍රගතියට කරුණු යෙදේ.

Advertisement
කාලගුණයේ විෂමතා ඇතිවන අතර ගොවිතැන්වලට මේ නිසා බාධා ඇතිවිය හැකිය. පතල් අනතුරු ගැන ද සැලකිලිමත් විය යුතුවේ. ජාත්‍යන්තර සබඳතා යහපත් තත්ත්වයක පවතී. විදේශ ආයෝජනවල වර්ධනයක් අපේක්ෂා කළ හැකිවේ.

Advertisement
මේ අතර සෞඛ්‍ය අංශවල ප්‍රගතියට ද විශාල වියදමක් දරන්නටත් එමගින් එම අංශවල සුබදායක සංවර්ධනයක් කිරීමටත් හැකිවේ. වැඩ කරන ජනතාව වෙනුවෙන් සතුටුදායක දේ සිදුවේ. රවි ගුරු හයවැන්නේ පිහිටීම සේවක පක්ෂයේ සුබසිද්ධිය පෙන්වයි.

Advertisement
පුණ්‍යස්ථානයට අධිපති සඳු මාරකස්ථාන ගතවීම උසස් අධ්‍යාපන ආයත, විශ්වවිiාල සහ පූජ්‍ය පක්ෂයට සුබ නොවේ. බුද්ධාගමට සතුරු පිරිස් දුශ්ශීල භික්ෂූන් අතරින්ම මතුවෙයි. සිල්වත්, ගුණවත් ස්වාමීන් වහන්සේලාගේ අපවත්වීම ගැන ද අසන්නට ලැබේ. ජාත්‍යන්තර පාසල්වල වර්ධනයන ද පෙන්වයි. විදේශ රැකියා සොයා යන පිරිස් බහුලවෙයි. උක්ත පලාපල පුරා වසරක් බලපැවැත්වෙන බව ද පැවසිය යුතුය.

Advertisement
උදාවන වසර උපන් ලග්න අනුව පහත සඳහන් සුබාසුබ ඇති කරන බව පෙන්වයි.

Advertisement
මේෂ
රවි, ගුරු ලග්නයේ ද කුජ එකොළහේ ද රාහු දොළහේ ද ගමන් කරමින් උදාවන වසර විදේශ ගමන් පිළිබඳව සතුටුදායක බවක් පෙන්වයි. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායක බවක් පෙන්වන අතර අවිවාහක අයට මංගල යෝග උදාවේ. සෙනසුරු කොළහේ මෙම වසර පුරාම ගමන් කරන නිසා රැකියා ව්‍යාපාර අංශවල සේවක සහයෝගය ලැබේ.

Advertisement
ආර්ථික තත්ත්වය ද සතුටුදායක වනවා ඇත. ගෘහ ජීවිතය ද ආදායම් මාර්ග ද මැයි සිට වඩාත් යහපත් තත්ත්වයට පවත්වනවා ඇත. රැකියා තනතුරුවල හෝ සමාජ තත්ත්වයේ උසස්වීම්වලට ඉඩ තිබේ. නව ව්‍යාපාර ආරම්භයට සුබ නැකැත් යෙදේ.

Advertisement
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සතුටුදායක බවක් පෙන්වයි. පසුගිය දිනවල තිබූ බාධා මඟහැරේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. විභාගවලින් සමත් විය හැකිවේ. ජුනි – ජූලි මාසවලදී නව අධ්‍යාපන පාඨමාලා ආරම්භ කිරීම හෝ නිසි වයස ලැබූ දරුවන්ට අකුරු කියැවීමට ඒ කාලයේ සුබ නැකැත් උදාවේ.

Advertisement
ශරීර සෞඛ්‍ය ගැන සලකන විට ගැස්ට්‍රයිටිස්, මානසසික ආතතිය, යකඩ විටමින් ඌනතාව නිසා ඇතිවන පෝෂණ ගැටලු වළක්වා ගැනීමට සැලකිලිමත් වෙන්න.

Advertisement
සුබ දින- ඉරිදා, සඳුදා, කුජදා, සුබ අංක 1, 2, 3, 5 සුබ පාට – සුදු, කහ, රෝස

Advertisement
වෘෂභ
ලග්නාධිපති සිකුරු උච්චව එකොළොස්වැන්නේ ද සඳු දෙවැන්නේ ද ගමන් කරමින් උදාවන මේ වසර බොහෝ දුරට සුබඵලදායකයි. ගෘහ ජීවිතය පිළිබඳව පැවැති බාධා කරදර බොහොමයක් මැයි වනවිට අඩුවනවා ඇත.

Advertisement
ආර්ථික තත්ත්වය සතුටුදායක වෙයි. ස්වයං රැකියා හෝ ගෘහාශ්‍රිත කර්මාන්ත දියුණුවට පත්කළ හැකිවේ. නමුත් වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් විය යුතුවේ. නව ව්‍යාපාර ආරම්භයට ද මැයි සිට සුබ නැකැත් යෙදේ.

Advertisement
අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. පෙම් සබඳතා ස්ථිර වේ. විවාහක අයගේ ද අඹු – සැමි සමඟිය ඇතිවේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබේ. උසස්වීම්වලට ද අවස්ථා උදාවේ. කෘෂිකාර්මික කටයුතුවලට ද සුබදායකයි. මැයි මාසයේ යෙදෙන ගුරු මාරුවත් සමඟ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත්වේ. නව අධ්‍යාපන පාඨමාලා ඇරැඹීමට ජුනි සිට සුබ නැකැත් උදාවේ.

Advertisement
උපතේදී සඳු නවයේ හෝ දහයේ සිටී නම් ශනි අපලවලට ශාන්තිකර්ම කර ගැනීම මැනවි. ශරීර සෞඛ්‍ය ගැන සලකන විට වාතාබාධා, සෙම් රෝග වැනි අසනීප තිබේ නම් අප්‍රමාදව ප්‍රතිකාර ගැනීම මැනවි.

Advertisement
සුබ දින බදාදා, සිකුරාදා – සුබ අංක 4, 5 සුබ පාට කොළ පාට, විචිත්‍ර පාට.

Advertisement
මිථුන
ලග්නාධිපති බුධ වක්‍රව දහයේ ද, රවි එකොළහේ ද සිකුරු උච්චව ගමන් කරමින් උදාවන මෙම වසර බොහෝ දුරට සුබදායක වේ. වසර මුලදීම රැකියා තනතුරු පිළිබඳව සුබ වන්නේ රවි උච්චව ද එකොළහේ ගමන් කරන බැවිනි. රැකියා නැති අයට රැකියා ලාභ ලැබීමට ද තත්ත්වයෙන් උසස්වීම් යෙදීමට ද ඉඩ තිබේ.

Advertisement
ගෘහ ජීවිතය ගැන සලකනවිට ජුනි 14 සිට ගෙදර දියුණුවට කරුණු යෙදේ. පැවති බාධා කරදර ඉවත්වේ. අධ්‍යාපන කටයුතුවලට ද සතුටුදායක වේ. උසස් අයගේ ද රාජ්‍ය අංශවල ද උදවු උපකාර ලැබේ. නිවාස හා ගොඩනැඟිලි කටයුතු ද ව්‍යාපාර ආරම්භය ද මැයි 15 දිනට පෙර ආරම්භ කිරීම මැනවි.

Advertisement
මැයි 1 සිට ගුරු දොළහට මාරුවීම නිසා තරමක අවිවේකී බවක් ඇතිවීමට ඉඩ තිබේ. නමුත් විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. සැප්තැම්බර් 23 – ඔක්තෝබර් 10 අතර කාලය නව අධ්‍යාපන පාඨමාලා ආරම්භයට ද ගෙදර දියුණුවට අදාළ කටයුතුවලට ද සුබ නැකැත් උදාවේ.

Advertisement
ශරීර සෞඛ්‍ය ගැන සලකනවිට රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි රෝගවලින් ද ස්නායුගත රෝගවලින් ද ප්‍රවේශම් විය යුතු බව පෙනේ. සඳු උපතේදී අට, නවය යන ස්ථානවල සිටි අය විශේෂයි.

Advertisement
සුබ දින සඳුදා, බදාදා සිකුරුදා ,සුබ අංක – 2, 4, 6 සුබ පාට – කොළ, විචිත්‍ර පාට

Advertisement
කටක
රවි, ගුරු දහයේ ද, සඳු දොළහේ ද සිකුරු නවයේ ද ගමන් කරන අතර සෙනසුරු ඒරාෂ්ටක අපල තත්ත්වයන් ද පවතින නිසා මෙම වසර මිශ්‍රඵලදායක බව පෙන්වයි. මැයි සිට ගුරු එකොළහට මාරුවීම සුබදායක වේ.

Advertisement
ගෘහ ජීවිතය පිළිබඳව තිබූ බාධා කරදර ආදිය මැයි සිට සුබ අතට හැරෙන්නට ඉඩ තිබේ. ආදායම් යහපත්වේ. නිසි වයස ලැබූ අවිවාහක අයට මංගල යෝග උදාවේ. අන් අයගේ අඹු – සැමි සබඳතා යහපත් වන්නේය. බලවත් හා උසස් අයගේ ඇසුර ලැබේ. සහෝදරයන්ට සුබදායක වේ. ආගම දහම කෙරෙහි ද වැඩි නැඹුරුවක් ඇතිවේ.

Advertisement
රැකියා හා ව්‍යාපාර අංශවල ද බාධා අඩුවෙයි. ආදායම් යහපත් වේ. රැකියා ලාභ ලැබේ. තනතුරුවල උසස්වීම් ලැබීමට ද ඉඩ තිබේ. කෘෂිකාර්මික කටයුතුවලින් ද යහපත් ප්‍රතිඵල ලැබේ. නමුත් සේවක පාලනය, මුදල් පාලනය හා දේශපාලන කටයුතු කරන අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුවේ.

Advertisement
අධ්‍යාපන කටයුතුවලට තිබූ උනන්දුව වැඩිවේ. සුබපල ලැබේ. නමුත් ශනි අටවැන්නේ ගමන් කරන නිසා අලස බව, නිදිමත වැනි බාධා ඇතිවේ. ශනි දිශා ගතකරන අය අදාළ ශාන්ති කර්ම කරවා ගැනීම මැනවි.

Advertisement
සෙම් රෝගවලින් ප්‍රවේශම් වෙන්න. දිළිඳු අයට උපකාර කරන්න. ආගමික ජීවිතයක් ගත කරන්න. සුදුසු යන්ත්‍රයක් පැලඳීම ද යහපත්ය. මෛත්‍රී භාවනාව මගින් අපල දුරුවේ.

Advertisement
සුබ දින සඳුදා, බ්‍රහස්පතින්දා – සුබ අංක 2, 5 සුබ පාට – සුදු, කහ

Advertisement

සිංහ

රවි, ගුරු නවයේ ද බුධ සිකුරු අටේ ද ශනි කුජ හතේ ද ගමන් කරමින් උදාවන වසර මිශ්‍රඵල දායකයි. මැයි සිට ගුරු 10 ගමන් කිරීම අරඹයි. වියදම් ඉහළ යන බව පෙනෙන නිසා වියදම් පාලනය කිරීමට වසර මුල සිටම සැලකිලිමත් වීම මැනවි.

Advertisement
ගෘහ ජීවිතය ගැන සලකනවිට පසුගිය දිනවල පැවැති ගැටලුවලට සහනදායක විසඳුම් ලැබෙන බව පෙනේ. පිංකම් හෝ සමාජ සේවාවලට සම්බන්ධවීමට ඉඩ ලැබේ. දුර වන්දනා ගමන් හෝ විදෙස් ගමනක් සාර්ථක වීමට ඉඩ තිබේ. මුල් මාස තුනක පමණ කාලය බලාපොරොතතු ඉටුකර ගැනීමට අවස්ථා උදාවේ. සමාජයේ දරන තත්ත්වය හෝ තනතුරේ උසස්වීම්වලට ඉඩ තිබේ. ආගමික පිහිට ලැබේ.

Advertisement
රැකියා හෝ ව්‍යාපාර අංශවල තිබූ කරදර අඩුවේ. උසස් නිලධාරීන්ගේ ප්‍රසාදය ඇතිවේ. රැකියා නැති අයට රැකියා ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. යහපත් ගුරු ඇසුර ලැබේ. රාහු දශාගත කරන අයට රහස් සතුරු කරදර ඇතිවිය හැකි නිසා ප්‍රවේශම් වෙන්න. ශරීරයේ යකඩ විටමින් ඌනතාව නිසා ඇතිවන පෝෂණ ගැටලු, මානසික ආතතිය, උදරාබාධ, හිසේ රෝග ආදියෙන් ප්‍රවේශම් වෙන්න. සමබල ආහාර ගැනීම ද තෙම්පරාදු ආහාර සීමා කිරීමට ද සැලකිලිමත් වෙන්න. චන්ද පිරිත, සූරිය පිරිත භාවිතා කරන්න.

Advertisement
සුබ දින – ඉරිදා, අඟහරුවාදා, – සුබ අංක 1, 3 සුබ පාට – රෝස

Advertisement
කන්‍යා
ලග්නාධිපති බුධ සමග සිකුරු හතේ ද, රවි ගුරු අටේ ද සඳු දහයේ ද ගමන් කරමින් උදාවන මෙම වසර මිශ්‍රපලදායක බව පෙනේ. මැයි සිට ගුරු භාග්‍යස්ථානයේ ගමන් කිරීම සුබපල උදාකරයි. සෑම අතින්ම බාධා කරදර ඉවත් වී යහපත උදාකරන බව පෙනේ.

Advertisement
ගෘහ ජීවිතය සතුටුදායක වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හෝ දියුණුවට කරන කටයුතු සාර්ථක වනවා ඇත. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වේ. අන් අයගේ සැමියා හෝ බිරිඳට ද සුබදායක වේ. පවුලේ සමගිය ඇතිවේ. දුර වන්දනා ගමන් හෝ විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගැනීමට කරුණු යෙදේ. ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ලැබේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ.

Advertisement
ව්‍යාපාර හෝ රැකියාවලට පසුගිය කාලයේ තිබූ බාධා ඉවත් වනවා ඇත. විදේශ රැකියා ලාභ ලැබේ. විදේශ සබඳතා මත සිදුකරන කටයුතුවලින් විශේෂ සුබපල ලැබේ. රැකියා නැති අයට රැකියා ලැබේ. තනතුරුවල උස්වීම්වලට ද ඉඩ තිබේ.

Advertisement
උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම ඉගෙනීමේ කටයුතුවලට පහසුකම් ඇතිවේ. විභාගවලින් සමත් වේ. මේ කාලයේ ඈත පළාත්වලින් සබඳතා මත කරන දේවලින් සුබපල ලැබෙන කාලයකි.

Advertisement
ඖෂධ පූජා, අටපිරිකර පූජා, බෝධි පූජා තබා ප්‍රදේශාධිපති දෙවියන්ට බාරවීම අපල දුරුවීමට හේතුයි. සුබ දින සඳුදා, බදාදා, සිකුරාදා, සුබ අංක 2,4,6, සුබ පාට සුදු, කොළ මිශ්‍ර ළා පාට

Advertisement
තුලා
සිකුරු උච්චව හය වැන්නේ ද, රවි ගුරු හතේ ද සඳු නවයේ ද ගමන් කරමින් උදාවන වසර මිශ්‍රපලදායකයි. මැයි සිට ගුරු අටවැන්නට මාරුවීම සැලකිය යුත්තකි. කාර්යබහුල හා අවිවේකී බවක් උදාවන බව පෙන්වයි. ගුරු දශා විශේෂයි.

Advertisement
නමුත් මුල් මාසයේ සේවක පක්ෂයේ උදවු ලැබෙන නිසා රැකියා ව්‍යාපාර සාර්ථක වේ. සතුරුව සිටි සමහර අය මිතුරු බවට පැමිණේ. ණය මුදලක් ලබාගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටුවේ. ගෘහ ජීවිතයේ දියුණුවට උසස් අයගේ උදවු උපකාර ලැබේ. විවාහ සහකරුට සුබ දායක වේ.

Advertisement
රැකියා ව්‍යාපාර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ජූලි 15 – අගෝස්තු 15 අතර කාලය ද සමාජයේ කැපීපෙනෙන තත්ත්වයන් ඇතිවේ. අගෝස්තු අග හා සැප්තැම්බර් මුල රැකියා ලාභ ලැබේ. උසස් අයගේ උදවු උපකාර ලැබේ. නීතිමය ගැටලුවලට විසඳුම් ලබාගත හැකිවේ.

Advertisement
අධ්‍යාපන කටයුතුවලදී වැඩ කල්දැමීම, අලස බව, නිදිමත වැනි බාධා ජයගත යුතුය. ශනි දශා විශේෂයි. උපතේදී සඳු පහේ සිටි අයට ශනි ඒරාෂ්ටක අපලයට අදාළ ශාන්තිකර්ම කරගත යුතුවේ. අමාශගත රෝග, දියවැඩියාව, කෝලෙස්ටරෝල් වැනි අසනීපවලින් ප්‍රවේශම් වන්න. ඖෂධ පූජාව, අටපිරිකර පූජාව හා සුදුසු යන්ත්‍ර පැලඳීම අපල දුරුවීමට හේතුවේ.

Advertisement
සුබ දින- සඳුදා, බදාදා, සිකුරාදා, සුබ අංක- 2,4,6, සුබ පාට- සුදු, කොළ, විචිත්‍ර පාට

Advertisement
වෘශ්චික
රවි බලවත්ව හයවැන්නේ ද, සිකුරු උච්චව පහේ ද ලග්නාධිපති කුජ හතරේ ද ගමන් කරමින් උදාවන මෙම වසර බොහෝදුරට සුබදායකයි. මැයි මාසයේ සිට ගුරු වෘෂභ රාශි ගතවීම නිසා පෙර පැවැති බොහෝ අපහසුතා දුරුකර ගැනීමට හැකිවනු ඇත.

Advertisement
ගෘහ ජීවිතය සතුටුදායක වේ. දරුවන්ගේ දියුණුවට පැවති අවහිරතා මඟහැරේ. ගුරුවරුන්ට නම් ශිෂ්‍යයින් ගැන සිතා සතුටුවිය හැකිවේ. ප්‍රමාද වෙමින් පැවති මංගල යෝජනා ස්ථීර වේ. දරුවකුගේ විවාහයක් ද සිදුවීමට කරුණු යෙදේ. චිත්ත ධෛර්යය වැඩිවේ. උසස් අයගේ උදවු ලැබේ. මේ අතර පවුලේ වැඩිහිටියකුට අපලදායක බව ද පෙන්වයි. ගෘහභාණ්ඩ හෝ වාහන මිලට ගැනීමට හිත යොමුවේ.

Advertisement
ව්‍යාපාර හෝ රැකියා පිළිබඳ තත්ත්වය ද සතුටුදායකයි. ව්‍යාපාර සාර්ථකවේ. රැකියා අංශවල උසස් අයගේ ප්‍රශංසා ලැබේ. හවුල් ව්‍යාපාරවලින් ජය ලැබේ. වැටුප් හෝ දීමනා වැඩිවීමට ද ඉඩ තිබේ. වියදම් පාලනය කර ගැනීමට ද සැලකිලිමත් වෙන්න.

Advertisement
අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව වැඩිවේ. සැප්තැම්බර් මාසය නව අධ්‍යාපන පාඨමාලා ඇරඹීමට සුබයි. සඳු උපතේදී 4,5 යන භාවවල සිටි අයට එරාෂ්ටක අපලය යෙදේ. මහලු, රෝගී අයට ඖෂධ, ආහාරපාන දන් දෙන්න. කරණීයමෙත්ත සූත්‍රය භාවිතා කරන්න. සුබ දින- සඳුදා, අඟහරුවාදා, ගුරුදා සුබ අංක- 2,3,5, සුබ පාට- සුදු, රෝස, කහ

Advertisement
ධනු
ලග්නාධිපති ගුරු, රවි සමග පහේ ද, සිකුරු බලවත්ව හතරේ ද, ශනි කුජ තුනේ ද ගමන් කරමින් මෙම වසර උදාවෙයි. මැයි පළමුවැනිදා සිට ගුරු ග්‍රහයා හය වැන්නට මාරුවීම සැලකිය යුත්තකි.

Advertisement
ගෘහ ජීවිතය මිශ්‍රපල දායකයි. නිවාස දියුණුවට කරන කටයුතු හෝ වෙනත් සුබ කටයුතු අප්‍රේල් මාසය ඇතුළත ආරම්භ කරන්නේ නම් වඩාත් සුදුසුය. අගෝස්තු ඔක්තෝබර් අතර ද සුබ නැකත් යෙදේ. මේ අතර අධික කාර්යබහුල හා අවිවේකි බවක් ද ඇතිවීමට ඉඩ තිබේ.

Advertisement
වසර ආරම්භය රැකියා හෝ ව්‍යාපාරවල දියුණුවට කරුණු යෙදේ. නව ව්‍යාපාර ආරම්භයට සුබයි. එමෙන්ම ස්වයං රැකියා, ගෘහාශ්‍රිත ව්‍යාපාර ආදිය කරන අයට ද එම අංශවලින් දියුණුවට කරුණු යෙදේ. මව්පියන්ගේ ද වැඩිහිටියන්ගේ ද උදවු උපකාර ලැබේ. රාහු දශා, අන්තර් දශා ගත කරන අයට ගෘහ ජීවිතය ගැන තරමක බාධි ඇතිවීමට ඉඩ තිබේ.

Advertisement
අධ්‍යාපන කටයුතු සතුටුදායකයි. මැයි සිට ඔක්තෝබර් අතර කාලසීමාව තුළ තම අධ්‍යාපන පාඨමාලා ආරම්භය හෝ අකුරු කියවීමට සුබ නැකැත් යෙදේ.

Advertisement
රාහු ශනි දශා ගත කරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත්වීම මැනවි. ගැස්ට්‍රයිටිස්, මානසික ආතතිය, සෙම්රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇත්නම් අප්‍රමාදව ප්‍රතිකාර ගැනීම මැනවි.

Advertisement

සුවඳ ධූප පූජාව, ඖෂධ පූජාව හා නියමිත යන්ත්‍ර පැලඳීම සුබදායක වේ.

Advertisement
සුබ දින- ඉරිදා, බ්‍රහස්පතින්දා, සුබ අංක- 1, 5, සුබ පාට- කහ, තැඹිලි

Advertisement

මකර

ලග්නපති සෙනසුරු සමග කුජ දෙවැන්නේ ද රවි සහ ගුරු හතරේ ද , බුධ සිකුරු රාහු තුනේ ද ගමන් කරමින් උදාවන වසර මිශ්‍රපලදායකයි. මකර ලග්න හිමියන් වසර පුරාම වියදම් පාලනය කර ගැනීමට උනන්දුවීම වැදගත්ය.

Advertisement
ගෘහ ජීවිතය මිශ්‍රපලදායක වේ. වසර මුලදී අසල්වාසීන් සමග ඇති සමගිය හා සුහද බව වර්ධනය වේ. අමනාපකම් දුරුවේ. සහෝදරයකුට සුබදායකයි. මේ අතර මැයි සිට අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ.

Advertisement
රැකී රක්ෂාවල ද තිබූ බාධා මැයි මාසයේ සිට අඩුවෙනවා ඇත. ව්‍යාපාර සතුටුදායක තත්ත්වයට හැරේ. රැකියා තනතුරුවල උසස්වීම්වලට කරුණු යෙදේ. රැකියා නැති අයට රැකියා අවස්ථා උදාවේ. අනාගතය යහපත් කර ගැනීමට සැලසුම් කෙරේ. දේපළවල දියුණුව ද ඇතිවේ.

Advertisement
විභාගවලින් සමාර්ථ වේ. ඉගෙනීමට වුවමනා පහසුකම් ලැබේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. විදේශ රටවල ඉගෙනීමට තිබූ බලාපොරොත්තු සපල කරගැනීමට කරුණු යෙදේ. දරුවන් හෝ ශිෂ්‍යයින් ගැන සතුටුවිය හැකිවේ.

Advertisement
ශරීර සෞඛ්‍යය ගැන සලකනවිට වාතාබාධ, සෙම්රෝග විශේෂයි. උපතේදී සඳු ලග්නයේ හා දෙවැන්නේ සිටි අයට ඒරාෂ්ටක අපලය යෙදේ. ග්‍රහ ශාන්තිකර්ම කරගත යුතුවේ. සුබ දින- බදාදා, සිකුරාදා, ගුරුදා, සුබ අංක- 4, 5, 6, සුබ පාට- කොළ, කහ, මිශ්‍රවර්ණ

Advertisement
කුම්භ
ලග්නාධිපති සෙනසුරු ඒරාෂ්ටකව ගමන් කරන අතර රවි තුන්වැන්නේ ද, සිකුරු උච්චව දෙපැත්තෙ ්ද සඳු පහේ සහ කේතු අටේ ගමන් කරමින් උදාවන මෙම වසර සුබාසුබ මිශ්‍රපලදායක තත්වයක් පවතී. කෙසේ නමුත් දැඩි කැපවීම උත්සාහය, ධෛර්ය මගින් බොහෝ බාධා ජයගත හැකිවේ.

Advertisement
ගෘහ ජීවිතය ගැන සැලකීමේදී වසර ආරම්භය සතුටුදායක වේ. පවුලේ අය සමග ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථා උදාවේ. ගෘහාශ්‍රිත, ව්‍යාපාර කර්මාන්තවලින් දියුණුව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයට ද සුබ නැකත් යෙදේ. පිංකම් සමාජ සේවා වැනි කටයුතුවලට සම්බන්ධවීමට ද අවස්ථා උදාවේ. අසල්වාසීන් සමග සුහද බව, සමගිය ඇතිවේ. සතුටුදායක ගමන් බිමන් යෙදේ.

Advertisement
අධ්‍යාපන කටයුතු සතුටුදායකයි. නමුත් ශනි දශා ගත කරන අයට අලසබව, නිදිමත, වැඩ කල්දැමීම වැනි බාධා ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා උනන්දුව දිගටම පවත්වාගැනීම වැදගත්ය. රාහු දශා නම් අවධානය අඩුවීම, හිතේ චංචලබව ඇති විය හැකිය.

Advertisement
ශරීර සෞඛ්‍යය ගැන සලකන විට සෙම් රෝග වාතාබාධ විශේෂයි. වතුරෙන් ප්‍රවේශම් වෙන්න. එමෙන්ම අම්ලපිත්ත රෝගය, උදරාබාධ හිසේ රෝග බලපායි. බුද්ධ පූජා තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරවීම, චන්ද පිරිත, සූරිය පිරිත භාවිතා කිරීම මැනවි. සුබ දින- බ්‍රහස්පතින්දා, සිකුරාදා, සුබ අංක- 5, 6, සුබ පාට- කහ, විචිත්‍ර වර්ණ

Advertisement

මීන

ලග්නාධිපති ගුරු සමග රවි දෙවැන්නේ ද, බුධ සිකුරු සමග රාහු ලග්නයේ ද ශනි කුජ දොළහේ හා සඳු හතරේ ගමන් කරමින් මෙම වසර උදාවන්නේය. මැයි සිට ගුරු වෘෂභ රාශි ගතවීම සිදුවේ.

Advertisement
ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවේ. නමුත් රාහු දශා ගත කරන අයට හිතේ චංචලබව, නිෂ්පල ගමන් හා නිෂ්පල වියදම් ඇතිවීමට හේතුයි. විවාහ මංගල යෝජනා පිළිබඳ කරන කටයුතුවලට සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල සුබ නැකැත් යෙදේ.

Advertisement
රැකියා හෝ ව්‍යාපාර දියුණුවට කරුණු යෙදේ. නමුත් සෙනසුරු දශා ගත කරන්නේ නම් සේවක පාලනය මුදල් පාලනය වැනි කටයුතුවලදී කල්පනාකාරී විය යුතුය. ගෙදර වියදම් ඉහළ යයි. ආදායම් මාර්ගවලටද තරමක බාධා ඇතිවිය හැකියි.

Advertisement
අධ්‍යාපන කටයුතුවලින් ද අලස බව ජයගත යුතුවේ. සෙම්රෝග, වාතාබාධ වැනි අසනීපවලින් ප්‍රවේශම් වෙන්න. සෙනසුරාදා දිනවල බුද්ධ පූජා තබා බෝධි පූජා කර ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ද දිනපතා ආගමික වතාවත් කර මෛත්‍රී භාවනාවේ යෙදීම ද මැනවි. නියමිත යන්ත්‍ර පැලඳීමද මැනවි. සුබ දින- සඳුදා, අඟහරුවාදා, ගුරුදා, සුබ අංක- 2,3,5, සුබ පාට- සුදු, රෝස, කහ

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *