BREAKING NEWS
Search

අත්පා ගැට ගසා වයෝවෘද්ධ මවකට කල අපරාධය

479

තිදරු වයෝවෘද්ධ මවක් අත්පා ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ ඇගේ නිවස තුළදී අබිරහස් අයුරීන් මරා දමා තිබියදී ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සොයා ගත් බව මදුරන්කුලිය පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අයුරීන් ඝාතනය කර ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ පදිංචි 71 හැවිරිදි තිදරු මවකි.

ඇය තමාට අයත් පොල් ඉඩමේ තිබූ නිවසේ වාසය කර ඇති අතර දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉඳහිට බවත් වාර්තා වෙයි.

මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතම ඝාතනය කර තිබූ බවත් ඇයගේ සිරුර බාහිර තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *