ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ශිල්පියාගේ බිරිඳ කටුනායක දී අත්අඩංගුවට

400

ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල සංගීත වැඩසටහන් ඇතුළු අනෙකුත් වැඩසටහන්  මෙහෙය වන්නෙකුගේ බිරිඳ යැයි පැවසෙන කාන්තාවක ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී , මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත ඊයේ (05) උදෑසන  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෛද්‍යවරියක බව ද පොලිසිය පැවසුවා.

ඊයේ (05) උදෑසන 08.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මේ වනවිට මෙම කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොළඹ , කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා භාර දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *