විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.
එම අදාළ යෝජනා මේ මස 1 වැනි දා ලබා දිය යුතුව තිබුණද විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙසේ එම කාලය දීර්ඝ කළ බව උපයෝගිතා කොමිසමේ ප්‍රකාශයෙක් පැවසීය.
එම යෝජනා ලැබීමෙන් පසුව විදුලි බිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කරන බව කී එම ප්‍රකාශකයා ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජූලි මාසයේදී ප්‍රකාශ කළ හැකි වෙතයිද කීය.




















