Latest Articles
Search

මගියා බසයේදී මිය ගිහින්

114

කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත්  මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

Advertisement

දඹුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය  අද(7) දහවල් නිට්ටඹුව  ප්‍රදේශයට ආසන්න වෙද්දී පිටුපස ආසනයක සිටි මගියා රෝගී තත්ත්වයට පත් වී ඇති බව අනාවරණය වීමෙන් පසු නිට්ටඹුව  පොලිසිය අසලදී බස් රථය නවතා සුව සැරිය ගිලන් රථය ගෙන්වීමට පියවර ගෙන ඇත .

Advertisement

සුවසැරීය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ රෝගියා ඒ වන විට මියගොස් ඇති බව හෙළි වීමෙන් පසු පොලිසිය මැදිහත්ව මෘත දේහය වතුපිටිවල මූලික රෝහල වෙත ගෙන යනු ලැබීය .

Advertisement

මෙසේ මිය ගොස් ඇති වයෝවෘද්ධ පුද්ගලයා පිළිබඳ විස්තර අනාවරණය වී නොතිබිණි. නිට්ටඹුව පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි .

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *