Latest Articles
Search

තවත් අබිරහස් කාන්තා මරණයක්

157

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

Advertisement

ඊයේ  (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී සිටි නිවසට නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් ඇතුළු වී ඇති අතර, නිවසේ තිබූ වටිනා දේ මංකොල්ල කා ඇතැයි අනාවරණය වී තිබේ.

Advertisement

පසුව අදාළ කාන්තාවගේ අත්පා ගැට ගසා නිවස තුළ ඝාතනය කර අතර, එලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.

Advertisement

මියගිය කාන්තාව සිය සහෝදරිය හා ස්වාමිපුරුෂයා සමග ජීවත් වන අතර මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දි ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැලිගම නගරයට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුර මෙම ඝාතනය සිදුව ඇත.

Advertisement

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාතර රෝහලට රැගෙන ගොස් තිබේ.

Advertisement

වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිගම පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *