Latest Articles
Search

මැයි රැලියට නාවාට මාමණ්ඩිව ගෙදරින් එලවපු අපුරු බෑණා

117

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තාවේ.

Advertisement

එකම නිවසක වාසය කරන තම දියණිය සහ බෑනා එක පක්ෂයකය. මාමණ්ඩිය ඡන්ද අයිතිය ලැබුණු දා සිට ඔහු කැමති වෙනත් පක්ෂයකය. නමුත් මැයි දින රැලියට යන්නට දෙදෙනාම කල්තියාම සූදානම් වෙමින් වෙනදා නැති ආදරයක් දැක්වූ බෑනා මාමණ්ඩියට පවසා ඇත්තේ, ‘‘ඔය පක්ෂයට කවදාවත් දිනන්න බෑ, ඔයා එන්න අපේ පක්ෂයේ මැයි රැලියට. එසේ කියා අතට මග වියදමක්ද දුන් බෑනා මාමණ්ඩියට කල් තියාම ගරු ආරාධනාවක් කළේය.

Advertisement

ඒ අනුව දෙදෙනාම මැයි රැලිවලට යන්නට පිටත් වූහ. පාට පක්ෂ බේද නැතුව මැයි රැලිවලට යන බස් රථ ටික හන්දියේ එක පෙළටය. සතුටින් ඉපිල ගිය බෑනා සිය පාක්ෂිකයන් ඉදිරියට ගොස්, ‘‘පුදුම වෙන්න එපා හොඳේ, ඔන්න අද අපේ මාමණ්ඩියත් ඉන්නවා’’ කියා සිය පාක්ෂිකයන්ට කීය.

Advertisement

බස් රථ පිටත් වෙන්නට සූදානම්ය, සිය පක්ෂයේ සටන් පාඨයෙන් යුත් බැනරයක් ද රැගෙන බස් රථයට ගොඩවූ බෑනා අවට සිසාරා බැලු‍වත් බස් රථය තුළ මාමණ්ඩිය පෙනෙන්නට නැත. පාක්ෂිකයන් මාමණ්ඩිය ගැන විමසුවේය, බෑනාට යකා නැංගේය. වරෙන්කෝ උඹ අද ගෙදර කියා සිතා ගත්තාය, මාමණ්ඩිය තම පක්‍ෂයේ මැයි රැලිය නිමවී මෙදින හැන්දෑවේ නිවසට එන විට තමාගේ පැදුර, කොට්ටේ සහ අඩුම කුඩුම ටික ස්තොප්පුවට දමා කල්තියාම ගෙදර දොර ජනෙල් වසා දමලාය. පුදුමයට පත් වූ මාමණ්ඩිය, මොකද දුවේ මේ කියා දොරට තට්ටු කළේය. සැනෙකින් ජනේලයක් විවෘත කර එබිකම් කළ දියණිය, තාත්තේ අද ඉදන් ඔයාට මෙහේ ඉඩ නෑ, අපේ එක්කෙනා කියනවා ගිය දිහාකටම වෙලා ඉන්නලු‍. මාමණ්ඩියට කාරණය වැටහුණි.

Advertisement

හොඳයි දුවේ කියූ මාමණ්ඩිය කොට්ට පැදුර සහ අඩුම කුඩුම ටික රැගෙන ගෙදරින් පිටවිය. එදින රැයේ සිට ආසන්න ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් සිය නිවහන කර කරගත් මාමණ්ඩිය ගමේ පුද්ගලයෙකුට පවසා ඇත්තේ, ‘‘එයා කිව්වා කියලා මට එදා ඉඳන් ඡන්දය දුන්නු පක්ෂය කවදාවත් වෙනස් කළ නොහැකි’’ බවය. මැයි දින රැලි සියල්ල හමාරය, එහෙත් මෙකී මාමණ්ඩිය තවමත් බස් නැවතුමේලු.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *