BREAKING NEWS
Search

ෆොක්ස් හිල් තරගයේ රියැදුරෝ දෙදෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

134

දියතලාව නරියාකන්ද, ෆොක්ස් හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව ඊයේ (30දා) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ බැඳුම්කර දෙකක් මත නිදහස් කර සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණහොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ඇන්ටනී එස්. පීටර් ෆෝල් මහතා ඊයේ (30දා) නියෝග කළේය.

මාතර මැදපාර හිත්තැටියේ ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ පේරාදෙණිය මාකන්දන පදිංචි ඒ. එම්. ඩිලාන් සංජීව යන තරගකරුවෝ මෙසේ මුදාහරිනු ලැබූහ. දියතලාව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙහි පරීක්‍ෂණ කටයුතු තවමත් අවසන්වී නොමැති බවයි. තවදුරටත් පරීක්‍ෂණ කටයුතු සිදුකරන බව පැවසූ පොලිසිය තරගකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි පරීක්‍ෂා කිරීමට ඔවුන්ගේ රුධිර සාම්පල රස පරීක්‍ෂකවරයාට යැවීමට ඇති බවද කීවේය. මෙහිදී නීතිඥ පාරින්ද වීරසිංහ මහතා අධිකරණයට කියා සිටියේ මෙම මෝටර් රථ තරග, තරග ධාවන පථයට අදාළ නීති රීති යටතේ පැවැති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා තරගකරුවන් දෙදෙනා බැඳුම්කර මත මුදාහැරියේය.

හපුතලේ – බුවනෙක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *