Latest Articles
Search

සිංහල අලුත් අවුරුද්දේ නෑගම් යන ඔබ දේශීය මුරුංගා දණ්ඩක් රැගෙන යන්න – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

896

අප සෑම සිංහල අලුත් අවුරුද්දකදීම සතුට, සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරනවා. එය යථාර්ථයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. එහි එක් පියවරක් වශයෙන් එළඹෙන අලුත් අවුරුද්දේදි මුරුංගා නැවත සමාජය තුල ප‍්‍රවර්ධනය කිරීම අපගේ බලාපොරොත්තුවයි.

Advertisement

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා, යෝජනා කරනවා මේ අලුත් අවුරුද්දේ දේශීය මුරුංගා දඩු කැබැල්ලක් සිටුවන්න කියා. අද පවතින ව ස වි සෙ න් යුතු ආහාර සංස්කෘතියෙන් මිඳි අප නිවැරදි ආහාර රටාවකට අනුගත වෙමින් යන කාල වකවානුවක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වශයෙන් අපගේ බලාපොරොත්තුව නිවැරදි දැනුම ඔබ වෙත ලබා දීමයි. එමෙන්ම එම වෙනස සඳහා අවශ්‍ය කරන ක‍්‍රියාපටිපටිය ඔබ වෙත ලබා දීමත් අපගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ නිසා මේ වර්ෂය අර්ථවත් කර ගනිමින් අපි දේශීය මුරුංගා දඩු කැබැල්ලක් වැටේ සිටුවා ගනිමු.

Advertisement

මුරුංගා පිළිබඳ කියවීම, බෙදාහැරීම සහ දැනුවත් කිරීම දේශයේ නිරෝගීකම ප‍්‍රවර්ධනය සඳහා වැදගත් වේ. මෙහි පදනම සෞඛ්‍ය, ආර්ථික හා කෘෂි කර්මාන්ත යන අංශයන්ගෙන්ද විග‍්‍රහ කිරීම මේ ලිපියේ අරමුණයි.

Advertisement

Miracle Tree (ප‍්‍රතිහාර්යයේ ගස), Tree of Life (ජීවයේ ගස) ලෙස මුරුංගා ගස හඳුන්වයි. මුරුංගා ඉතා කාර්කශක දේශගුණයට පවා ඔරොත්තු දෙන ශාකයකි. ව ස වි ස භාවිතයෙන් තොරව වගා කල හැකි එමෙන්ම සෑම කොටසක්ම ආහාරයට යොදා ගත හැකි මිහි මවගේ දායදයකි මුරුංගා.

Advertisement

අලුත් අවුරුද්දට වටිනාකමක් දෙමු – මුරුංගා දණ්ඩක් වැටේ සිටවමු

සිංහල අලුත් අවුරුද්දේ චාරිත‍්‍ර වාරිත‍්‍ර සියල්ල සැකසි ඇත්තේ මිනිසාගේ යහපත සාක්ෂාත් කර ගැනිමට දායක වන අයුරනි. එහිදි ආහාර පාන, සෞඛ්‍යය, ආර්ථික, හිතමිත‍්‍රකම් වැනි මිනිසෙකුගේ සාමාන්‍ය දිවියේ සියලුම අංශ ආවරණය වන අයුරින් චාරිත‍්‍ර සැකසි ඇත.

Advertisement

එහිදි අපගේ මෙම ඉල්ලීම ඉටු කිරීමට වැඩ ඇල්ලීමේ නැකත ඔබට අවස්ථාවක් කර ගත හැක. දේශීය මුරුංගා දණ්ඩක් වැටේ සිටුවා ගැනීමෙන් වැඩ අල්ලා අලුත් අවුරුද්ද අර්ථවත් කර ගත හැක. වැඩ ඇල්ලිමේ නැකතේදි වැටේ මුරුංගා දණ්ඩක් සිටුවීම සිදු කලොත් වඩා යහපත්ය. ඒ අවස්ථාවේදි බැරි වුනත් මේ අවුරුදු සමයේදි කෙසේ හෝ වැටේ මුරුංගා දණ්ඩක් සිටුවීම අපගේ යෝජනාවයි. අපගේ මේ යෝජනාව අන් අයටත් කියා ඔවුන්වද මේ භාරදූරකාර්ය සඳහා එක්රැස් කර ගැනීම ඔබගේ යුතුකමයි.

Advertisement

සිංහල අලුත් අවුරුද්දේ නෑගම් යන ඔබට දේශීය මුරුංගා දණ්ඩක් රැගෙන යා හැක. එය හිතවත්කම් අලුත් කරගන්නවා සේම නිරෝගී පරපුරක් බිහි කර ගැනිමට රැකුලක් වනු ඇත.

Advertisement

වැටේ මුරුංගා ගසෙන් අප ලබන ප‍්‍රයෝජන.

සාමාන්‍යයෙන් ශාඛයකින් ලැබෙන ප‍්‍රයෝජන වන ඔක්සිජන් නිපදවීම, සෙවන ලබා දීම, පස ආරක්ෂා කිරීම වැනි ප‍්‍රයෝජන මුරුංගා ශාඛයෙනුත් ලැබේ. නමුත් ඊටත් වඩා ඉහළ පෝෂණීය ප‍්‍රයෝජනයන් මුරුංගා මිනිස් සිරුරට ලබා දේ.

Advertisement

අතීතයේ ශ‍්‍රී ලාංකීකයා මුරුංගා ගසේ අගය හදුනා ගත් අතර විවිධාකාරයේ ප‍්‍රයෝජන එහින් ලබා ගන්නා ලදි.

Advertisement

මුරුංගා කරල් ආහාරයක් ලෙස අප පරිභෝජනය කරනවා. ඒ වගේම ඖෂධයක් ලෙසද මුරුංගා ප‍්‍රයෝජනවත් වේ. මුරුංගා පත‍්‍ර වියලා සකසා ගැනීම තුලින් අප හට තේ වැනි පානයන් නිෂ්පාදනය කර ගත හැකියි. මුරුංගා දඩු හෝ පැළ ගෙවත්තේ වැට මායිමට සිටුවිමෙන් ඉඩමේ ඉඩ අඩු නොකොට ගසක් සිටටුවා ගැනිමේ හැකියාව මෙන්ම ඉඩමේ මායිමද ආරක්ෂා කර ගත හැකිය. නාගරිකරණය වෙමින් පවත්නා වර්තමාන ශ‍්‍රී ලංකාවේ ආහාර භෝගයක් සිටුවා ගැනිමට කියු විට නිදහසට කරුණු ලෙස පවසනුයේ ඉඩකඩ නොමැති බවයි. නමුත් වැට මායිමට සිටුවීම තුලින් ඉඩකඩ නොමැති ගැටලුවද විසඳා ගනිමින් පෝෂණය ලබා ගනිමින් නිරෝගීභාවයද තහවුරු කර ගත හැකිය.

Advertisement

විදේශ රට වල කෘෂි කර්මාන්තයේදි මුරුංගා කොළ වියලා කුඩා ලෙස සකසා දියර පොහොරක් ලෙස භාවිතා කෙරේ. මුරුංගා පොහොරක් ලෙස භාවිතය තුලින් ඵලදාව වැඩි දියුණු කර ගැනිමට හැකි වී තිබේ.

Advertisement

මුරුංගා ඇට ජල පිරිපහදුවට යොදා ගන්නා බවද අධ්‍යයනයන් වලදි හදුනා ගෙන ඇත. අපටද එම තාක්ෂණය නිවැරදිව අධ්‍යයනයකින් පසුව ප‍්‍රයෝජනවත් භාවිතාවක් කල හැක.

Advertisement

මුරුංගා පෝෂණ ගුණය :

දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය නිර්මාංශීකව සපුරා ගැනීමේ පිළියමක් ලෙස මුරුංගා භාවිතා කල හැක. මුරුංගා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහිත (කිරි මෙන් කිහිප ගුණයක) ප්‍රෝටීන පමණක් නොව විටමින, ක්ෂුද්‍ර පෝෂක ප‍්‍රභවයක් ලෙසද භාවිතා කළ හැක.

Advertisement

පහත දැක්වෙනුයේ මුරුංගා ග‍්‍රෑම් 100 ක අඩංගු පෝෂණ ගුණයයි.

Advertisement

මුරුංගා පිලිකා නාශක ගුණය වැඩි කර ප‍්‍රතිශක්තිය වඩවයි. එමෙන්ම, අධිරුධිර පීඩනය අවම කිරීම, රුධිරගත කොලොස්ටරෝල් සහ සීනි මට්ටම පාලනයට උපකාරි වේ.

Advertisement

මුරුංගා ආහාරයට එක් කර ගැනීම අපස්මාරය, හිසරදය ඇතුලු ස්නායු පද්ධතිය ආශ‍්‍රිත රෝග සඳහා හිතකර බව සොයාගෙන ඇත. තවද, මුරුංගා මල බද්ධය ඇතුලු ආහාර ජීර්ණපද්ධතිය ආශ‍්‍රීත රෝග සඳහා යෝග්‍ය වේ. මුරුංගා තුල අඩංගු විටමින් හා ක්ෂුද්‍ර පෝෂක ඇස් පෙනීම වර්ධනය සඳහා උපකාර වනු ඇත.

Advertisement

මුරුංගා වල ඇති විටමින් ඇතුලු ක්ෂුද්‍ර පෝෂක වල ගුණයන් එහි ඇති ප‍්‍රතිඔක්සිකාරක ගුණයන් නිසා,

Advertisement

 

Advertisement

* සම රැලි වැටීම වැළැක්වීම, * වර්ණවත් සමක් ලබා දීම, * තුවාල සුවවීම වේගවත් කිරීම, * හිසකෙස් වල වර්ධනය සිදු කරයි

Advertisement

මුරුංගා භාවිතය මිනිස් සිරුරේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය අක්මාව සන්ධිගත රෝග, මුත‍්‍රා මාර්ගය ආශ‍්‍රීත රෝග සඳහා හිතකරයි. රක්තහීනතාව මැඩලීමට අවශ්‍ය යකඩ මුරුංගා තුල ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Advertisement

වියලි මුරුංගා කොළ පිටි ග‍්‍රෑම් 100 ක අඩංගු පෝෂණ ගුණය

* කෙසෙල් වල මෙන් 15 ගුණයක් පොටෑසියම්, * කිරි වල මෙන් 17 ගුණයක් කැල්සියම්, * යෝගට් වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්, * බිත්තරයක මෙන් 4 ගුණයක් ප්‍රෝටීන්, * කැරට් මෙන් 10 ගුණයක් විටමින් ඒ, * නිවිති වල මෙන් 25 ගුණයක් යකඩ, * ඇපල් වල මෙන් 5 ගුණයක් තන්තු, * දොඩම් වල මෙන් 7 ගුණයක් විටමින් සි (අමු මුරුංගා කොළ සංසන්දනය)

Advertisement

මුරුංගා ශාකයේ කොටස් ආහාර ලෙස ලබා ගත හැකි ආකාර

ආහාරයක් වශයෙන් අපගේ අවධානය මුරුංගා කරල් වෙත පමණක් යොමු වුවද ශාඛයේ අනෙක් කොටස්ද ආහාරයේදි භාවිතා කල හැක.

Advertisement

* කරල් – ව්‍යංජන වශයෙන්, * පත‍්‍ර – ව්‍යංජන, මැල්ලුම්, සම්බෝල වශයෙන් හා සුප්, කැඳ සඳහා, * මල් – ව්‍යංජන වශයෙන්, තම්බා පානයක් ලෙස,* ඇට – ව්‍යංජන වශයෙන් (කබලේ බැද), * තෙල් – ඇට වලින් ලබා ගත් තෙල් සලාද වලට යොදාගත හැක

Advertisement

* වස විසෙන් තොර කෘෂි සංස්කෘතියක් කරා…

අපගේ පැරණ්නෝ කෘෂි සංස්කෘතියේදි පරිසර හිතකාමිව, මිනිස් සිරුරට අහිතකර නොවන අයුරින් කටයුතු කරන ලදි. එහිදි චන්ද්‍ර මාස ක‍්‍රමය හදුනා ගනිමින්, කෘමි සතුන්ගේ ජීවන චක‍්‍රය අධ්‍යයනය කරමින්, දේශගුණ, කාලගුණ විපර්යාසයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව වගා කටයුතු සිදු කරන ලදි. නමුත් වර්තමානයේ එම උරුමයන් තැකීමකින් තොරව වස විස යොදාගනිමින් කෘෂි භෝගයන්හි ඵලදාව වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරයි. වස විස භාවිතය තුලින් සිදු වනුයේ අපගේ නිරෝගිභාවය අහෝසි වීමත්, පස නිසරු වීමත්ය.

Advertisement

නමුත් මිනිස් සිරුරට හිතකර සහ පරිසර හිතකාමිව නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා මුරුංගා පත‍්‍ර ප‍්‍රයෝජනයට ගත හැක. මෙහිදි පත‍්‍ර කුඩු කර දියර ලෙස භෝග වලට ඉසීම සිදු කෙරේ.

Advertisement

* රුපියල ශක්තිමත් කරමු

ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම තුලින් රුපියල ශක්තිමත් කිරීමට මුරුංගා උපයෝගි කර ගත හැකිය.

Advertisement

මුරුංගා ශාකයේ සියලුම කොටස් ආහාරයට ගත හැකි නිසා ආහාර වේල් විවිධත්වයෙන් යුතුව සකසා ගත හැක. එමෙන්ම පෝෂණ ගුණයෙන් ඉහල බැවින් ආහාර වේල පරිපූර්ණ වේ. මුරුංගා ආහාරයට ගැනීම තුලින් ප‍්‍රතිශක්තිය ඉහළ නැංවෙන් අතර ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත්භාවය නිසා වෙනත් රෝග වෙත ගොදුරු වී ඒ වෙනුවෙන් වැය වන ධනය හෝ සම්පත් ඉතිරි වේ.මුරුංගා නිෂ්පාදන ගෘහ කර්මාන්තයක් ලෙස ආදායම් ඉපයීමට භාවිතා කල හැක. මෙවැනි විධික‍්‍රම තුලින් ගෘහ ආර්ථිකය ඉහළ නංවා රුපියල ශක්තිමත් කල හැක.

Advertisement

* රටේ ආර්ථිකයට ඇති දායකත්වය

මුරුංගා පත‍්‍ර අපනයනය කල හැකි සම්පතකි. දැන් දැන් බටහිර රටවල පුද්ගලයන් Vegan නිර්මාංශ ප‍්‍රවණතාවය අනුගමනය කරයි. එහිදි ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට මුරුංගා යොදාගත හැකිය.අපගේ දේශගුණ තත්ත්වයන් යටතේ පහසුවෙන් වගාකල හැකි නිසා යහපත් කර්මාන්තයක් ලෙස රටපුරා ව්‍යාප්ත කිරීම මගින් රටේ ආර්ථික දියුණුවට දායක විය හැක

Advertisement

* අලූත් අවුරුද්දේ අපගේ දායකත්වය

හැකි හැම නිවසකම වැටට දේශීය මුරුංගා දඩු කැබැල්ලක් හෝ පැළයක් සිටවමු යන්න මේ සිංහල අලුත් අවුරුද්දේ අපගේ පණිවුඩයයි. ඒ තුලින් වැටත්, පෝෂණයත්, සෞඛ්‍යයත්, ආර්ථිකයත්, තිරසාර බවත් රැකගැනීමට අප සබුද්ධික වෙමු.

Advertisement

* මානසික සුවය

ඔබ මෙම වසරේ වැටේ මුරුංගා දණ්ඩක් සිටුවුවහොත් ඊළග වසරේ ඔබගේ අවුරුදු කෑම මේසය ඔබගේ ගෙවත්තේ මුරුංගා මගින් පෝෂණය කර ගත හැකි වේ. එය ඔබගේ නිරෝගී සුවය මෙන්ම මානසික සුවයටද යහපත් බලපෑමක් සිදු කරනු ඇත.

Advertisement

අපේ රට

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *