Latest Articles
Search

මීයන්ගේ කරදරෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරලා බලන්න

274

අද වෙද්දි හැම ගෙදරකම වගේ තියෙන ප්රශ්නයක් තමයි මී වසංගතය. ඒ වගේම මීයන් වසංගතයක් වන්නේ කුඩා කාලෙකින් විශාල ලෙස ව්යාප්ත වීමේ හැකියාව තිබෙන නිසයි. මීයන් මර්දනයට විවිධ ආදේශක තිබුණත් බොහෝ විට එම ආදේශක වලින් සාර්ථක ප්රතිඵල අත්කර ගන්න බැහැ. අද අපි කියන්න යන්නේ එවැනි නිවසකට කරන්න පුළුවන් ඉතාමත් පහසු පිළියම් කිහිපයක් ගැනයි.

Advertisement

01.කපුරු බෝල

අපි කපුරු බෝල භාවිතා කරන්නේ ඇඳුම් කාවෝ කන එක ආරක්ශා කරගන්න. ඒත් මේ කපුරු සුවදට මීයන් කැමති නෑ.ඒ නිසා ගෙයි හිල් සහිත ස්ථාන වල, මියෝ ගැවසෙන තැන්වල කපුරු බෝල දමන්න. හැබැයි මේ කපුරු බෝලවල සුවඳ අපටත් අහිතකරයි.ඒ නිසා ඉටි කවර වල දාලා අවශ්ය තැන්වල තබන්න. කුඩා දරුවෝ ගැවසෙන තැන්වල තියන්න නම් එපා. ටික කාලයක් යනකොට දිය වෙලා යනවා. එතකොට ආයෙත් තියන්න.

Advertisement

02.ඇමෝනියා

සබන් කුඩු වර්ගයකින් හැඳි දෙකක්, වතුර වීදුරු කාලක්, ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් බඳුනකට දමා මිශ්ර කරන්න. අත් වැසුම් පලඳින්න.එම දියර නො හැළෙන බඳුන්වල දමා මීයන් ගැවසෙන තැන් වලින් තියන්න. මෙයින් නිකුත් වෙන සුවඳ මීයන්ට කොහෙත්ම ඔරොත්තු දෙන්නෙ නැහැ.

Advertisement

03.පෙපර්මින්ට් තෙල්

පෙපර්මින්ට් තෙල්වල ඇති අමිහිරි සුවඳ මීයන්ට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ නිසා පුළුන් බෝල හදලා ඒවා පෙපරමින්ට් වල ගිල්වලා මීයන් ගැවසිය හැකි තැන්වල තබන්න.

Advertisement

04.ළුණු

ළුණු වල සුවඳටත් මීයන් අකමැති. මීයන් වැඩියෙන් ගැවසෙන ස්ථානවලින් ළුණු පෙති කිහිපයක් තියලා බලන්න. ඒ සුවදට මියෝ එන්නේ නැති වෙයි.

Advertisement

05.ගම්මිරිස්

මීයන තුරන් කළ හැකි ස්වභාවික ක්රමයක් තමයි ගම්මිරිස් කියන්නේ. ගම්මිරිස් කුඩු ද මීයන් ඉවත් කරගන්න භාවිත කළ හැකියි. මීයන් ගෙවල් සාදා ඇති ස්ථානවල ගම්මිරිස් කුඩු ඉසින්න.මියන් ඉව කරන විට ගම්මිරිස් සැර වැදීම නිසා මියන් ආයේ එන්නේ නෑ.

Advertisement

06.බේ ලීෆ් ( දවුල් කුරුදු)

මීයන් පැමිණෙන තැන්වලින් බේ කොළ තබන්න.තමන් කැමති කෑමක් කියලා හිතෙන මීයන් ඒවා කෑමට ගන්නවා. ඒත් බේ ලීෆ් ආහාරයට ගැනීමෙන් මියන් මිය යනවා.

Advertisement

07.පුසෙක් ඇති කරන්න

මී කරදරයට තවත් හොඳ විසදුමක් වන්නේ ගෙදර පුස් පැටියෙක් දෙන්නෙක් සාදා ගැනීමයි. ඔයාලා කොහොමත් දන්නවනේ පූසා මීයන්ගේ හතුරෙක් කියලා.

Advertisement

08.සර්පයන්

සෙල්ලම් ලෙල්ලම් කර ප්ලාස්ටික් හා රබර් වලින් සැකසුම් සර්පයන් ඉන්නවනෙ එවැනි සර්පයෝ දෙතුන් දෙනෙක් ගෙනත් මියන් ඉන්න තැන් වලින් තියලා බලන්න. මීයෝ සර්පයින්ට බය නිසා ඒ ආසන්නයටවත් එන්නේ නැහැ.

Advertisement

09.ඇමෝනියා

සබන් කුඩු වර්ගයකින් හැඳි දෙකක්, වතුර වීදුරු කාලක්, ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් බඳුනකට දමා මිශ්ර කරන්න. අත් වැසුම් පලඳින්න.එම දියර නො හැළෙන බඳුන්වල දමා මීයන් ගැවසෙන තැන් වලින් තියන්න. මෙයින් නිකුත් වෙන සුවඳ මීයන්ට කොහෙත්ම ඔරොත්තු දෙන්නෙ නැහැ

Advertisement

10.බේබී පවුඩර්

බේබී පවුඩර් වල සුවඳ මියන්ට ඔරොත්තු දෙන්නෙ නැහැ. මියන් ගෙවල් සාදා ඇති තැන්වලට පවුඩර් ටිකක් ඉසින්න.

Advertisement

11.මි උගුල්

මීයන් අල්ලන්න භාවිතා කරන මී උගුල් දැන් වෙළෙඳ පොළේ තියෙනවා. ඔබත් මෙවැනි උගුලක් දෙකක් ගෙනත් තියලා බලන්න උගුලට අහු උනාට පස්සේ ගෙවල් නැති ප්රදේශයකට නිදහස් කරන්නත් අමතක කරන්න එපා.

Advertisement

කුණු කියන්නේ මියන් බෝ කරන ප්‍රධානම විදිහ. ගෙවල්වල එදිනෙදා ඉවත දමන කුණු ආහාරයට ගන්න මියන් පැමිණෙනවා. විශේෂයෙන්ම රාත්රි කාලයට මියන් පැමිණෙන්නේ මෙවැනි කුණු සහ අපද්රව්ය සහිත තැන් වලින් ඔවුන්ගේ ආහාර ගන්නයි.එයින් වැළකීමට ඔබේ කසල බදුන් සදහා පියනකින් වසා තැබිය හැකි බඳුනක් තෝරාගන්න. රාත්රී කාලයේ දී ඒවා පියං නොගැලවෙන සේ වසා තබන්න.ආහාර ද්රව්ය සියල්ලම පියන් සහිත හොඳින් වසා තැබිය හැකි බඳුන්වල පමණක් තබන්න.පිරිසිදු ස්ථානවලට වඩා මීයන් බහුල වශයෙන්ම ගැවසෙන්නේ, බෝවීම සිදුවන්නේ අපිරිසිදු ස්ථානවලයි ඒ නිසා මුළුතැන්ගෙයි පිරිසිදුව තබා ගන්න උත්සාහ කරන්න

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *