Latest Articles
Search

නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා ?

63

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල්  බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළේය.

Advertisement

හාලිඇල මැදපිටගම  ප්‍රදේශයේ පදිංචි එච් .බංඩාර නැමත්තෙකු මෙසේ තමන්ට  රජයෙන් ලබා දුන් සහල් පරිභෝජනයට නුසුදුසු අයුරින් පවතින බව පවසමින් ලැබුණු සහල් වලින් කොටසක් ද  රැගෙන හාලිඇල  සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය .

Advertisement

හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජය ප්‍රදීප් මහතා මේ සම්බන්ධයෙන් සදහන් කලේ රජය මගින් නොමිලේ ලබා දුන් සහල් කිලෝ 10 ක් අඩංගු සහල් බෑගයේ තිබූ සහල් නරක්වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව පවසමින් සහල්  රැගෙන  හාලිඇල  මැදපිටගම ප්‍රදේශයේ පුද්ගලයකු හාලිඇල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ පැමිණිලි කල බවත් , ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු කරන බවයි .

Advertisement

හාලිඇල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ඇම් .සී.වීරසිංහ මහතා පැවසුවේ මේ දිනවල රජය මගින් ජනතාවට නොමිලේ ලබා දෙන සහල් බෙදා දීමේ කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ සිදු කරන බවත් , ඉන් එක් අයෙකුට පමණක් නරක්වූ පරිභෝජනයට නුසුදුසු සහල් ලැබුණු බවට දැනුම් දුන් බවත්ය.  ඔහුට ඒ වෙනුවට වෙනත් කිලෝ 10ක සහල් බෑගයක් ලබා දුන් බවත් සදහන් කළේය

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *