හෙට සිදුවෙන ජල සැපයුම අත්හිටුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ… ඔයා ඉන්නේ කොළඹ නම් මේ ප්‍රදේශවලද බලන්න… මොකද සූදානමින් සිටියොත් සිදුවන අපහසුතා මඟ හරවගන්න පුළුවන්නේ… ඉතිං මේ කියන්න හදන්නේ ඒ විස්තරේ…
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව, කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ වලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය ජලය රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.




















