Latest Articles
Search

ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සෙවීමේ මෙහෙයුම් නවතා දමයි

410

ඉකුත් (19) දින උදැසන 10 ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහලට දිවවිත් ආරක්ෂිත වැටෙන් පහලට පනින ආකාරය ශ්‍රි පාද උඩ මළුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

Advertisement

අතුරුදහන් වු තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහලට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහලට බැස (20) දින සිට මෙහෙයුමක් දියත් කර තිබුණද අතුරුදහන් වු තරුණයා පිලිබදව කිසිදු තොරතුරක් නොලැබුණු නිසා  තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු අද (21) දින පස්වරුවේ නතර කල බව ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණදෙණ නිලධාරිවරයා පැවසිය.

Advertisement

පහලට පැන ඇති තරුණයා රක්ෂිතය දිගේ පහලට පැමිණ පලා යන්නට ඇති බව ආරක්ෂක අංශ නිලධාරින් සැකකරන අතර , එම තරුණයා ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැනිමට ප්‍රථම ශ්‍රි පාද උඩ මළුවේදි සිහි විකල්ව සිටි බවට තොරතුරු අනාවරණය වි ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *