Latest Articles
Search

වසර පහකට පසු මරු පැවති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුරෙන් මිත්තණියක් හා මිණිබිරියක් එකටම අවසන් ගමන් යයි

203
වසර 05කට පසුව ඊයේ දින දියතලාව, ෆොක්ස් හිල් (නරියා කන්ද) හි පැවති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ එක් තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.

Advertisement
මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

Advertisement

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

Advertisement

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු
එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

Advertisement

අනතුරුව අනතුරින් තුවාල ලැබූවන් 25 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ අතර, ඉන් දෙදෙනෙකු එම රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් පොලිසිය සඳහන් කළා.

Advertisement

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ 17 වැනි ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ SLH 2000cc ධාවන ඉසව්වේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අනතුරට පත් ව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ.

Advertisement

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වුණේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළ ආර්.අබේනායක, මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන, අරුණ ශාන්ත උපාලි ගමගේ සහ අශේන් හීනටිගල යන අයද, ඩයරබා හංදිය මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි උදයකුමාරි සහ 08 හැවිරිදි ධනුශිකා යන අය මෙන්ම, සීදූව ප්‍රදේශයේ පදිංචි චමින්ද නිරෝශන් යන පිරිසයි.

Advertisement

මියගිය අය අතර සිටින වැලිමඩ ඩයරබා ප්‍රදේශයෙ පදිංචි 65 හැවිරිදි උදයකුමාරි සහ 08 හැවිරිදි ධනුෂිකා යන අය මිත්තණිය හා මිණිබිරිය බව හඳුනාගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

Advertisement

අනතුරින් තුවාල ලැබූ අය අතර යුද හමුදා සේවකයන් දෙදෙනකු සිටින බවත් ඒ අය දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

Advertisement

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසුවේ අනතුරින් ෆොක්ස්හිල් ධාවන තරගයේ සංවිධායකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර සිටින බවයි.

Advertisement

තුවාලකරුවන් අතරින් 18 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 5 දෙනා කාන්තාවන්.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *