අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටෙයි… කොඩිය ගන්න සූදානම් වූ සැණින් තරුණ පිරිස මුහුණුදුන් අවසානාවන්ත ඉරණම…

210
ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති  අවුරුදු උත්සවයක මෙය සිදු වී තිබෙනවා. එහිදී සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

Advertisement
අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ග්‍රීස් ගස මෙසේ කඩා වැටි ඇත.

Advertisement
මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Advertisement
ග්‍රීස් ගස සඳහා රුපියල් පහළොස් දහසක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබූ අතර ඒ සඳහා තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව සිටියහ.

Advertisement
මෙම කණ්ඩායම දිරි ගන්වමින් අවුරුදු උත්සවය සඳහා සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් හත්දහසක මුදලක් ද එයට එක් කර තිබුණි.

Advertisement
පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟී සිටිමින් කණුව උඩ ගසා ඇති කොඩි ලීය ගැනීමට සූදානම් වූවා පමණයි පස්දෙනකුගේ බර දරා ගැනීමට නොහැකි වූ ග්‍රීස් ගස මුලින්ම කැඩී බිමට වැටුණේ තරුණ පිරිසද සීසී කඩ විසි කරමිනි.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *