BREAKING NEWS
Search

දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

3650

024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

ගණිත අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ ලෙසඳු රණසිංහ කුමාරගේ සිසුවා වන අතර එම සිසුවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.

වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසිනි.

ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තු වන්න…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *