අනේ එයාට සිහිය නැති වුණා.. ටිකක් ඇවිල්ලා බලන්න පුළුවන්ද..? හෝටල් කාමරයක මියගිය 23 හැවිරිදි තරුණියගේ මරණය ගැන සැකයක්..

432
මේ තවත් එක් අභිරහස් මරණයක්..

Advertisement

අගක් මුලක් සොයාගන්න බැරි වුණ මේ කතාව ගැන බොහෝ දෙනාට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්..

Advertisement

Advertisement
අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා..

Advertisement

මෙලස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්..

Advertisement

ඊයේ සවස හෝටලයේ නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා…

Advertisement

මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා..

Advertisement

පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ..

Advertisement

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා..

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *