Latest Articles
Search

සාමාන්‍ය පෙළ විභාගය ලියල මාස 04ක් ඉන්න ඕන නැහැ… දැන් ලියපු ගමන් උසස් පෙළට යන්න අවස්ථාවක්…

184
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස එම දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

Advertisement
 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පසු ප්‍රතිඵල නිකුත් වීමට ගතවන මාස 04ක පමණ කාලයේදී දරුවන් වෙනත් දේ සඳහා යොමු වන බවත් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ දරුවා අඛණ්ඩව අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගොනුවී සිටින බවත් ඒ මහතා කීය.

Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආධාර මත ක්‍රිකට් තණ තීරු 10කින් සමන්විත මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මඟින් පාසල් තුළ උසස් පෙළ සඳහා පෙනී සිටින ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එක්වර ගොනුවනු ඇති බවත් එය ප්‍රශ්නයක් නොවන පරිදි ඉඩකඩ කළමනාකරණය කර ගැනීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

Advertisement
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ යුතුව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් අදියරෙන් අදියර සිදු කරමින් සිටින බවත් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Advertisement
උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා මුලින්ම 2001 වසරේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හඳුන්වා දුන් බවත් මේ වන විට හය ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් 500ක පමණ සංඛ්‍යාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන බවත් කී ඒ මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අනුකමිටුව පසුගිය සතියේදී ජනපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වා මෑත කාලයේ විශ්‍රාම ගිය ගුරුවරු වසර තුනක කාලයක් සඳහා තාවකාලිකව ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ජනපතිවරයා උපදෙස් ලබා දුන්නේ යැයි ද අවධාරණය කළේය.

Advertisement
එම කාලය තුළ දැනට පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරු ඒ සඳහා පුහුණු කිරීමට නියමිත බව ද ප්‍රේමජයන්ත මහතා කීවේය. මෙවර අය-වැයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ඒකාබද්ධ වැඩසටහනක් යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට කටයුතු කරන ලෙස පාසල් ක්‍රිකට් සංගමයට උපදෙස් දුන් බවත් ඒ මහතා පැවසුවේය.

Advertisement
රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වන සෑම දරුවකුටම සම අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම රජයේ වගකීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් සමඟ විෂය නිර්දේශ යාවත්කාලීන කරමින් යන වැඩසටහන ලබන වාරයේදී ආරම්භ කරන බවත් කී ඇමැතිවරයා මේ යටතේ තෝරාගත් පාසල් 200ක එක, හය හා දහය ශ්‍රේණිවල මීට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.

Advertisement
වර්ෂ 2025දී සියලු පාසල්වල 01, 06 හා 10 ශ්‍රේණිවලට මෙය හඳුන්වා දෙන බවත් කිසිදු අවස්ථාවක නිදහස් අධ්‍යාපනයට හානි වන තීන්දු රජය නොගන්නා බවත් කී ඒ මහතා ඇතැම් අය මෙය දේශපාලන සටන් පාඨයක් කරගෙන ඇතැයි ද අවධාරණය කළේය.

Advertisement

මෙහිදී අදහස් දැක්වූ විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රංජිත් වීරසිංහ මහතා පැවසුවේ තවත් අවුරුදු එකහමාරක් දෙකක් යන්න කලින් විද්‍යාර්ථ විදුහලින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු යොමු කිරීම පාසලේ අරමුණ බවත් ඒ සඳහා මෙම ක්‍රීඩාංගණය නවීකරණය කරදීම මනා පිටුබලයක් බවත් පැවසුවේය.

Advertisement
මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා, මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපති එල්.බී අළුවිහාරේ, විද්‍යාර්ථ විද්‍යාලයීය විදුහල්පති එම්.ආර්.පී. මායාදුන්නේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *