Latest Articles
Search

කඩවත එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

135

කඩවත ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Advertisement

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එම පක්ෂ කාර්යාලයට එල්ල කර ඇති බව එම නිලධාරියා පැවසීය.

Advertisement

මෙම බෝම්බ ප්‍රහාරයට දේශපාලනික පළිගැනීමක් මුල් වී ඇති බවට පොලිසිය සැක පලකරයි.

Advertisement

පොලිසිය සිදුකළ විමර්ශනවලදී පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබේ.

Advertisement

බෝම්බ ප්‍රහාරය එල්ල කළද බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව පොලිසිය පවසයි.

Advertisement

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය පක්ෂ කාර්යාලයට එල්ල කර පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

Advertisement

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කල අතර සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

Advertisement

බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජේ වයි බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *