පෙම් පලහිලව්වට ගුරුවරියක් ඇයගේ යහළු ගුරුවරියට කල අපරාධය

223

පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

Advertisement

තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයෙක් පැවසීය.

Advertisement

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාර ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක්ද සොයාගත් බව පොලිසිය සඳහන්කළේය.

Advertisement

මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී ඊයේ (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය පැවසීය.

Advertisement

එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දුන් බවද පොලිසිය පැවසීය.

Advertisement

පෙම් පලහිලව්වක් මෙම අපරාධයට හේතුවී ඇති බවද අනාවරණය වී තිබේ.

Advertisement

බදුල්ල කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අපාරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *