Latest Articles
Search

අනියම් බිරිය යැයි රැවටී යතුරු පැදියේ ගිය නෑනාට තඩි බාලා… අන්තිමට වුණ දේ මෙන්න…

200
කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ නගරයකින් වාර්තා වෙනවා.
දෙදෙනාම එකම නගරයේ දෙතැනක රැකියාව කළහ. සැමියා වැඩ කරන තැනින් ඔහු පිළිබඳ ලැබුණු තොරතුරු ඒතරම්ම යහපත් වූ ඒවා නොවීය.

Advertisement

එය කනින් කොනින් ලැබුණු තොරතුරු නිසා ඇය ඒවායේ නොඑල්ලු‍ණාය. එහෙත් ඒවා බැහැර නොකර යටි සිතේ ගබඩා කරගෙන සිටීමට ද අමතක නොකළාය.

Advertisement
එදා දහවල සිය ආයතනය ආසන්නයේ ඖෂධ අලෙවි සලකට ගොඩවීමට ඇය ගියේ හදිසි අවශ්‍යතාවක් සඳහා යම් දෙයක් මිලදී ගැනීමටය.

Advertisement

එසේ යන දිහාවේ තමා යන දිහාවට මුහුණලා සිය සැමියා නතර කරගෙන සිටි යතුරු පැදියට ඖෂධ අලෙවි සලෙන් කඩිමුඩියේ එළියට පැමිණි කතක් හිස් ආවරණයක් ද පැලද ගොඩවනු දුටු කළ දෙඇස් පැටළුනු ඇයට දෙලොව සිහිවිය.

Advertisement
ඒ සමගම මරු විකලෙන් මෙන් ඉදිරියට දිව ගිය ඇය අත මිට මොලවා ගෙන සිටි කුඩයෙන් සැමියාගේ යතුරු පැදියේ පිටුපස වාඩිවී යාමට සූදානම්වූ කාන්තාවට අත දිගහැර නෙළුවේ අද අතටම අසුවුණා යයි කියමිනි.

Advertisement
සැමියා යතුරු පැදිය හරවාගෙන සිටි අන්තයේ කුලියට කාමර දෙන තැන් අනන්තවත් ඇති හෙයින් සහ තමා සහේට ගත් දා සිට තමා හැර වෙනත් කාන්තා පරාණයක් ඔහු යතුරු පැදියේ නංවාගෙන යනු නොදුටු නිසාත් ඖෂධ අලෙවි සලට කාන්තාව ගොස් ඒමත් සමගම ඇය තව තවත් අවේශවී මේ කතට කුඩෙන් ගැසුවාය.

Advertisement
‘‘ඕයි මොකද මේ අඳුනන්නේ නැද්ද? මේ මගේ නංගි…. අපේ තාත්තාට අමාරුයිලු‍ නංගියි මායි මේ පාමසියෙන් බෙහෙතක් අරන් ඉස්පිරිතාලෙට යන්න යනවා. ඔහේටවත් කියන්න වෙලාවක් වුණේ නැහැ. නංගි මට තාත්තාගේ තත්ත්වය කිව්වේ නංගි බෙහෙත් ගන්න පාමසියට ආපු වෙලාවේ. මමයි කිව්වේ නංගිට මම එනකම් ඉන්න කියලා” යැයි ඔහු කීවිට ඇය දෙවරක් නොසිතා නෑනාගෙන් සමාව අයැද සිටියාය.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *