හෙල්මට් එක ඔලුවෙන් ගලවන ගමන් ආව සචින් මං දිහා නොබලම ඇතුලට ගියේ මාව තබ සතයකට මායිම් නොකර.
මට දුකක් දැනුනත් මං එ බව නොපෙන්නා ඇතුලට ගිහි දොර වැහුවේ ඊට වඩා මේ ප්රශ්නේ විසදගන්න හිතේ තියන උවමනාව ඉස්මතු වෙන නිසා.
සචින් නාලා එනකල් මං හිටියේ අපි දෙන්නාට කෑම බෙදන ගමන් කොහොමද මේ ප්රශ්නේ කතා කරන්න පටන් ගන්නේ කියලා කල්පනා කරමින්.
අපි දෙන්නා යාලුවෙලා දැන් අවුරුදු 5ක් ඉවරයි.. කසාද ජිවිතේට ඇතුල් වෙලාත් දැන් අවුරුදු 2කට ලගයි.. මෙච්චර කාලයකට සචින් එක්ක මට මේ වගේ ප්රශ්නයක් කතා කරන්න වෙලා නෑ. මං ඒ තරම් සචින්ව විශ්වාස කරා. ඒත් මේ මොකක්ද වුනේ.. මට නම් හිතාගන්න බෑ..
බත් බෙදලා මං බත් දෙක බඩු තියන පුංචි මේසෙන් තිබ්බා. සචින් නාලා සරම ඇදගෙන ඇදෙන් ඉදගත්තා. මං බත් එක අරන් සචින් ගාවට ගියේ අද නම් මේ ගැන කතා කරනවාමයි කියලා අදිශ්ඨානය ඇතිවයි..
මෙන්න..
මට එපා..
ඇයි මේ.. මා එක්ක තරහයි කියලා ඇයි කෑමෙන් පලිගන්නේ..
මට ඔනා නෑ කිව්වානේ..
එහෙම කියපු සචින් tv එක දාගෙන ඒ දිහා බලා ගත්තා..
හරි සචින්.. එහෙනම් මටත් කන්න ඕනා නෑ.. ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕනා ටිකක්..
මා එක්ක තමුසෙට මොනාද කතා කරන්න තියෙන්නේ කියනවා..
මට කතා කරන්න ඕනා සචින්.. ටිකක් තේරුම් ගන්නකෝ අනේ..
හා හා… කියනවා කියනවා..
සචින් කොට්ටයක් අරන් ඇද පත්තට තියලා හේත්තු වුනේ කේන්තියෙන්.. මං ඒ ගැන නොහිතා කතාවට මුල පිරුවේ සචින් මේ ගැන කතා කරද්දි කොහොමත් කේන්ති ගන්නවා කියලා දන්න නිසා..
කවුද සචින් සරෝජා කියන්නේ..
සරෝජා කියන්නේ මං දන්න කෙනෙක්..
සචින් කිව්වේ කේන්තියෙන් පුපුරමින්. මට තේරුනාත් මං සචින්ගෙන විස්තර දැනගන්න ඕනා නිසා ඉවසුවේ උපරිමයෙන්
ඉතින් එයා මොකටද ඔයාට කතා කරන්නේ..
මොන මගුලක්ද තෝ අහන්නේ කියපං මට.. උබට දැනගන්න ඕනා දේ කෙලින් කියපං..
සචින්ගේ වචන වලින් මගේ හිත රිදුනේ නැතුව නෙවෙයි.. මගේ ඇස් වලින් කදුලු එක පෙලට කඩාගෙන වැටෙද්දි හිතට කියාගන්න බැරි තරම් වේදනාවක් දැනෙද්දි මං සචින්ගේ අතින් අල්ලගත්තා..
මොකටද සචින් එයා ඔයාට කතා කරන්නේ..
සචින් මං දිහා බැලුවෙන් කේන්තියෙන් ගිනි රතු වෙලා තිබ්බ ඇස් දෙකන්.
මේ අහනවා මන්දාකිණි.. සරෝජා කියන්නේ අපි එක්ක වැඩ කරන කෙල්ලෙක්.. ඒ කෙල්ලට ගෙයක් බලන්න යන්නයි එදා අපි යන්න ගියේ.. එයාලාගේ ගේ දෙන්න වෙලා කියලා කියපු නිසයි මං උදවු කරන්න ගියේ..
සචින් වේගයෙන් කියාගෙන ගියා.. එතනින් එහාට මට කිසි දෙයක් අහන්න නොදි සචින් කොට්ටේ හදාගෙන නිදාගත්තේ මං හිතන්නත් ඉක්මනින්..
නිදාගෙන ඉන්න සචින් දිහා බලාගෙන මං කල්පනා කරේ සචින්ව විශ්වාස කරනවද නැද්ද කියලා..
මගේ කදුලු නොනවත්වා ඇස් වලින් කඩාගෙන වැටෙද්දි මට ඒ කදුලු නවත්තන්න කිසිම වුවමනාවක් තිබුනේ නෑ..
මගේ සචින්… මං ඔයාව කොහොමද විශ්වාස කරන්නේ.. ඉතකොට අනිත් අය කවුද ඔයා මැසේජ් කරලා තියන.. මං ඔයා එක්ක ආවේ මෙහෙම දේවල් හිනෙකින් වත් සිද්දවෙයි කියලා හිතන්නේ නැතිව.. මං ඔයාට කොච්චර ආදරේ කරාද.. කොච්චර විශ්වාස කරාද.. ඔයා ඒ විශ්වාසේ හරිම ලේසියෙන් කඩලා දැම්මා.. මං ඇඩුවත් ඔයා අද මාව සනසන්නේ නෑ.. ඒත් ඉස්සර ඔයා මගේ ඇස් වලින් එක කදුලක් වැටෙනවට කැමති නෑ.. ඔයාට මතකද සචින් ඒවා.. මගේ වටිනාකම මෙච්චර ඉක්මනට ඔයාට නැති වුනා නේද සචින්..
කොච්චර වෙලාවක් මං එහෙම හිටියද කියලා මට මතක නෑ.. උදෙ නැගිටිද්දිත් මං හිටියේ එතනම බිම නිදාගෙන.. ඔලුව උස්සලා බලද්දි සචින් ඇදේ සැපට නිදි..
මං නැගිටලා උයන්න ගත්තා. හාල් ටික හෝදලා රයිස්කුකර් එකට දාලා ඒක ඔන් කරලා කැරට් ටිකක් කපන්න ගත්තා. ඒත් ඒ එක්කම මගේ ඇගට මොකක්දෝ මන්දා අපහසුතාවයක් දැනුනා.. ඒ එක්කම කැරකිල්ලක් වගේ දැනුනා විතරයි මට මතක..
මං නැගිටිද්දි මං හිටියේ ඇදේ.. සචින්ව හෙව්වත් සචින් පේන්නවත් හිටියේ නෑ.. මං හෙමින් ඔලුව උස්සලා බැලුවේ සචින් කොහෙද කියලා.. ඒත් සචින් පේන්නවත් හිටියේ නෑ.. මං හෙමින් ඇදෙන් නැගිටලා ඇදෙන් බහින්න කකුල් දෙක බිමට තියද්දිම සචින් බාත්රූම් එකේ ඉදන් එලියට ආවේ තුවායත් ඇදගෙන..
කන්නේ නැතුව නිදියනවා.. ඊට පස්සේ කලන්තේ දාලා වැටෙනවා..
සචින් ඇදුමක තොරන ගමන් කිව්වේ මං දිහා නොබලා.. හැබැයි ඒ වචන වල කේන්තියක් නම් තිබ්බේ නෑ.. ඒ වගේම ආදරෙත්..
මං මුකුත්ම නොකියා බාත්රූම් එකට ගියේ වැඩට යන්න පරක්කු නිසා.. මං ලෑස්ති වෙලා එලියට බහිද්දි සචින් මා එක්කම එලියට බැස්සේ මගේ හෙල්මට් එකත් අතට අරන්.. මට හෙල්මට් එක දීපු සචින් බයික් එකට නැගලා මං නගිනකල් බලන් හිටියා.. බයික් එක ස්ටාර්ට් කරලා පාරට දැම්මා.. ඒත් එයායි මමයි අතර එක වචනයක්වත් හුවමාරු වුනේ නෑ..
වැඩපල ගාවින් බැස්ස මං හෙල්මට් එක සචින්ට දුන්නෙ බිම බලාගෙන..
මං යනවා…
සචින් බයික් එක ස්ටාර්ට් කරගෙන කිව්වේ අහක බලාගෙන.. මට කිසිම දෙයක් කියන්න නොදී සචින් යන්න ගියා.. මං ඒ දිහා බලාගෙන ඉද්දි සයුරි ඇවිත් මගේ පිටට තට්ටුවක් දැම්මා.. ගැස්සිලා ගිය මං සයුරි එක්ක කෙලින්ම ගියේ කැන්ටින් එකට..
සයුරි එක්ක ඊයේ වුන දේ කිව්වේ මට මේ වෙලාවෙ හැමදේටම ඉන්නේ සයුරි බව දන්න නිසා..
මේ ගැන කතා කරපු අපි දෙන්නා තීරණය කරේ මේ ගැන තවත් හොයමු කියලා..
දවසම වැඩ කරපු මට…
4 කොටසින් හමුවෙමු..