Latest Articles
Search

විෂයන් 7යි. A,B,C කුසලතා අහෝසියි. හැමෝටම උසස් පෙළ වරම්. 2026 සිට සාමන්‍ය පෙළ වෙනස් වෙන්නේ මෙහෙමයි

455

අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්ය පෙළ විෂය ධාරාවන් සංඛ්යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කෙරේ.

Advertisement

 

Advertisement

මේ අනුව 2026 වසරේ සිට සාමාන්ය පෙළ විභාගය විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්රීසි, ආගම හා සාරධර්ම අධ්යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණි.

Advertisement

 

Advertisement

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්යාපන මණ්ඩල හරහාය. 2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

Advertisement

 

Advertisement

මේ ක්රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇත.

Advertisement

 

Advertisement

ඒ අනුව 2027 වසරේ සිට නව අධ්අධ්යාපන ප්රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරේ. යාපන ප්රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරේ.

Advertisement

 

Advertisement

එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කිරීමට නියමිතය.

Advertisement

 

Advertisement

අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසුවේ මෙමඟින් වර්ෂයකට සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි වන බවයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *