දෙවන දිගහැරීම
( 2 කොටස )
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
මිස් කෝල් 18යි.. මැසේජ් 7 ක් තිබ්බා. අන්තිම මැසේජ් එක ඩිස්ප්‍රේ එකේ පෙන්නද්දි මං ඒක කියෙව්වේ උවමනාවෙන්.
ඒකේ සටහන් වෙලා තිබුනේ…
Ane phone eka answer karannako.. mata enna beri una hethuwa kiyannath oya answer karanne nene
මොකක්ද මේ වෙන්නේ.. කවුද මේ කෙනා සරෝජා කියලා නමකින් ඒ මැසේජ් එක තිබ්බේ.. පපුව පිච්චිලා යනවා වගේ දැනෙද්දි මං ඉක්මනින් සචින්ගේ ෆෝන් එකේ ලොක් එක ඇරියා.
මං මේ කරන්නේ කවදාවත්ම නොකරපු දෙයක් මට දැන් අවුරුදු 24ක්.. සචින් එක්ක මං යාලුවෙද්දි මට වයස 19යි.. එදා ඉදන් අද වෙනකල් මං කවදාවත් එයාගේ ෆෝන් එක මේ විදිහට බලලා නෑ.. මොකද මං ඒ තරමට සචින්ව විශ්වාස කරා..
ඒත් අද මං මේ දැක්ක දේ මොකක්ද කියලා දැනගන්න මට ඕනා.. කවුද මේ සරෝජා කියන්නේ.. මගේ ඔලුවට ප්‍රශ්න කෝටියක් එද්දි.. මං සචින්ගේ ෆෝන් එකේ මැසේජ් වලට ගියා.. සරෝජා කියලා නමට ඉක්මනින් ගිය මම මැසේජ් බලබල පහලට යද්දි ඒ කවුද කියලා තේරුම් ගන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ..
සචින් මාව මේ තරම් රැවැට්ටුවේ කොහොමද.. සචින් අද නිවාඩු දාලා ගිහින් තියෙන්නේ ඒ කෙනාව මීට් වෙන්න.. ඒත් ඒ කෙනාගේ හස්බන් හදිස්සියේ ගෙදර ආපු නිසා එයාට එන්න බැරිවෙලා..
සචින් මාව ගන්න ඇවිත් තියෙන්නේ එයා එනකල් බලන් ඉදලා වැඩක් නැති නිසා..
කියාගන්න බැරි වේදනාවක් පපුව අස්සේ එලියට එන්න දගලද්දි.. මං බැලුවේ ඇදේ නිදාගෙන ඉන්න මගෙ සචින් දිහා..
කොහොමද පණ ඔයා මට මෙහෙම කරන්නේ.. මං ඔයාට මොන අඩුවක් කරලාද ඔයා මාව මේ තරම් රවට්ටන්නේ.. මං කවදාවත් ඔයාව අවිශ්වාසය නොකරපු එකට මට දුන්න තෑග්ගද මේ සචින්..
මං සචින් දිහා බලාගෙන එහෙම්මම බිත්තියට හේත්තුවෙලා පහලට රුටල බිම ඉදගත්තේ හිතේ දුක කදුලු වෙලා එලියට පනිද්දි..
දෙවියනේ මොකක්ද මේ මට වෙන්නේ.. මං පනවගේ ආදරේ කරපු සචින් කොහොමද මාව මේ විදිහට රවට්ටන්නේ.. මං දැන් මොකද කරන්නේ දෙවියනේ..
මං එහෙම්මම බිම ඉදගෙන ඇඩුවා. මං කෙච්චර වෙලාවක් ඒ විදිහට හිටියද කියලා මං දන්නේ නෑ..
අන්තිමට හැමදේම හොයාගන්නවා කියන අදිශ්ඨානය හිතේ තියන් මං සචින්ගේ ෆෝන් එකෙන් ඒ නම්බර් එක ගත්තා..
හිත ඇතුලේ දුක එක්ක සැකය මතුවෙද්දි මං ආපහු මැසේජ් වලට ගියේ තව කවුද මැසේජ් කරලා තියෙන්නෙ බලන්න.
දෙවියනේ… සරෝජා කියන්නේ සචින් කතා කරන එක ගැනියෙක් විතරයි.. තව නම් හතරපහකින් මැසේජ් තිබ්බා.. ඒවා බලපු මට සචින් ගැන ඇතිවුනේ පිලිකුලක්..
මං ඉක්මනින් නම්බර් ඔක්කම ලියාගෙන ෆෝන් එක පැත්තකින් තියලා ඇදට වැටුනේ කිසිම හැගීමක් නැති ගානට..
Alarm එක වැදිලා ඇහැරුන මං ඉක්මනින් නැගිටලා උයන්න ගත්තා. උයලා ඉවර වෙද්දි සචින් ඇහැරුනා. මං වෙනසක් නොපෙන්වා තේ එකක් හදලා සචින්ට දුන්නත් වෙනදා සචින් ගැන ආදරයක් මට දැනුනේ නෑ.. ඊයේ දැක්ක දෙවල් එකිනෙක මගේ මතකයට එද්දි මං ඇස් වලට උණන කදුලු නවත්තන්න ලොකු උත්සහයක් දැරුවා. ඒත් මං අසාර්ථක වෙද්දි මං ඉක්මනින් අනිත් පැත්ත හැරිලා බත් ඔතන්න ගත්තේ කදුලු පිහදාන ගමන්.
එකපාරටම මාව ගැස්සිලා ගියේ ඒ හඬට.
මන්දාකිණි… ඊයේ මගේ ෆෝන් එක බැලුවා නේද..
වියරුවෙන් කෑ ගහන සචින් දිහා මං බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන. සචින් අඩියට දෙකට මං ගාවට ආවේ ගිනි රතු වුන ඇස් දෙකෙන් මං දිහා බලාගෙන.
කතා කරනවා… බැලුවා නේද..
මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගද්දි මං කටහඬ අවදි කරේ ඇහෙන නොඇහෙන ගානට.
ඔව්..
තමුසෙට මොන අයිතියක්ද කියනවා මගේ ෆෝන් එක බලන්න…
මට අයිතියක් නැද්ද කියලා මට වඩා හොදට ඔයා දන්නවනේ සචි
මට කියන්න හම්බුනේ එච්චරයි සචින්ගේ අත වේගයෙන් ඇවිත් මගේ කම්මුලේ නැවතුනේ මමත් නොහිතපු විදිහට. මං දිහා ගිනි රතු වෙච්ච ඇස් දෙකෙන් බලන් හිටපු සචින් අතේ තිබ්බ මග් එකත් පොලෙ ගහලා එතනින් යන්න ගියා..
මං අඩ අඩ මග් එකේ කෑලි එකතු කරලා එතන අස් කරා.
මංද සචින් ඔයාට වැරදි කරේ… ඔයානේ මට වැරදි කලේ.. ඇයි මට මෙහෙම සලකන්නේ.. හරිනම් මමයි ඔයාට මේ විදිහට සලකන්න ඕනා..
මම අඩ අඩම කල්පනා කරා.
අපි හිටියේ කාමරයක් කුලියට අරගෙන.. සචින් අම්මාට විරුද්ද වෙල මේ කසාදෙ කරගත්තා කියලා සචින්ගේ අම්මා මාව ඒ ගෙදරට ගන්න කැමති උනේ නෑ. පස්සේ දෙන්නාටම වැඩට යන්න ලේසිවෙන්න අපි මේ කාමරයට ආවා.. එකම කාමරය ඇතුලේ කුස්සියක් හදාගත්තේ මං ගොඩක් අමාරුවෙන්. සචින් හින්දා මං මගේ පවුල අත් ඇරලයි ඉන්නේ.
ඒත් සචින්ට ඒ ගැන වගක් නැති බව මට දැනුයි තේරෙන්නේ.. මං එයා වෙනුවෙන් හැමදේම කැපකරත් ඒ කිසිම දේක වටිනාකමක් සචින්ට නෑ..
මං ඉක්මනින් ලෑස්ති වෙලා වැඩට යන්න එලියට බැස්සේ අද සචින් කොහොමත් මාව ඒ බයික් එකේ දාගෙන යන්නෙ නැති බව දන්න නිසා.. අනික මටත් එයා එක්ක යන්න තරම් ආසාවක් හිතේ තිබ්බෙත් නෑ..
බස් එකට නැග්ග මං වැඩපල ගාවට යනකල් වත් දන්නේ නෑ.. කල්පනා කරපු දේවල් වල ඉමක් නෑ.. මං ඉක්මනින් සීට් එකෙන් නැගිට්ටේ බස් එක වැඩපල පහු කරලා යද්දි.. බෙල් එක ගැහුවත් බස් එක නැවැත්තුවෙ ඊලග හෝල්ට් එකෙන්. එතනින් බැහැලා පයින් හෙමින් හෙමින් වැඩපල ගාවට ගියා.. ඔෆිස් එකට ගිය ගමන් මං හෙව්වේ සයුරිව.. උදේ කෑම එක අරගෙන සයුරි එක්ක කැන්ටින් එකට ගිය මං සයුරි එක්ක ඊයේ සිද්දියේ ඉදන් හැමදේම කිවේ අඩ අඩ.. මට දුක කියන්න වගේම හැමදේටම ඉන්නේ සයුරි විතරයි..
මං කියපු හැමදේම සාවදාමව අහගෙන හිටපු සයුරි මට කිව්වේ ඉස්සෙල්ලාම සචින් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ හරියට බේරුමක් කරගන්න කියලා..
මාත් ඒක පිලිගත්තේ සචින්ගෙන් මේ ගැන අහලා දැනගෙන තීරනයකට එන එක හොද නිසා..
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
දවස ඉක්මනින් ගත වුනා.. මං ප්‍රශ්න හැමදේම අමතක කරලා වැඩටික හරියටම කරා..
ගෙදර ගිහින් ඉක්මනින් වොශ් එකක් දාලා බත් උයලා සම්බෝල හදලා කරවල කෑලි ටිකක් බැද්දේ සචින් ආස නිසා..
සචින් එනකල් කල්පනා කර කර හිටපු මට නින්ද ගියේ නිරායාසයෙන්.. සචින්ගේ බයික් එකේ හඩට ඇහැරුනු මං දොර ඇරගෙන බලාගෙන හිටියේ එයා එනකල්..
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
3 කොටසින් හමුවෙමු..