පියෙක් දියණිය සමග දුම්රියට පනී

635

පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.

මෙම පුවත වාර්තා වී තිබුණේ කන්තලේ පොලිස් වසමේ රජඇල ප්‍රදේශයෙනි.

ඊයේ (06) රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බවට කන්තලේ පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 38 ක් වන කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ අවුරුදු 06ක දියණියකි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති අතර එහිදී ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් ඇතිවු සිත් තැවුල හේතුවෙන් දියණිය සමග සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෘතශරීර කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මිසයිල ප්‍රහාරයකින් 17 දෙනෙකු ජීව්තක්ෂයට

නැඟෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබේ.

මිය ගිය අය අතර කුඩා දරුවකු ද වන බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මෙම ප්‍රහාරය හිතාමතා එල්ල කළ එකක් බවට පවසමින්, යුක්‍රේන ජනපති විසින් හෙළා දැක තිබේ.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ.

මොස්කව් වෙත දෝෂාරෝපණය කරමින් යුක්‍රේන ජනපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ, මිය ගිය පුද්ගලයන් කිසිදු වරදක් සිදු නොකළ අය බවයි.

එසේම, මරණ ගණන ද තවත් වැඩි විය හැකි බව ඔහු අවධාරණය කර ඇත.

මාර්තු මාසයේ සිට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා යුක්‍රේන වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *