වහාම මහජන්දයක් තියන්න ඕනේ! ජන්දෙ තියන්න සල්ලි නෑ කීම විහිලුවක්-හිටපු මැකො ජන්දෙට සල්ලි හොයන හැටි කියලා දෙයි

728

පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිදර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *