Latest Articles
Search

ලංකාවේ හිටියට වඩා සාර්ථක ජීවිතයක් මම ඇමෙරිකාව තුළ ගෙවනවා – කලාවට සමු දී රුවන්ති ඇමරිකාවේ ගෙවන සැප ජීවිතය

259

සිරස කුමරිය දෙවැනි අදියරයේ අවසන් තරගකාරියන් දොළොස් දෙනා අතරට එකතු වූ හර්ෂි රුවන්ති වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාවේ ජිවත් වෙයි. ලංකාවේ සිටි අවසන් කාලයේදී විවිධ කලා නිර්මාණ ඔස්සේ දුටු හර්ෂි මේ වනවිට කලාවට සමුදී තමන්ගේම ව්‍යාපාරයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි පවත්වාගෙන යමින් සිටියි.

Advertisement

ලංකාව වගේ රටක් දාලා ඇය ඔබ ඇමෙරිකාවට ආවේ?

Advertisement

ලංකාව කියන්නේ සංස්කෘතියක් එක්ක බැදුණ ලස්සන රටක්. නමුත්, ලංකාවේ මිනිස්සුන්ට නිදහස් ජීවිතයක් ගෙවන්න අමාරු රටක්. හරියට අනුන්ගේ දේවල් හොයනවා. ඊර්ෂියාවෙන් පිරුණු මිනිස්සු තමයි ගොඩක්ම ඉන්නේ. හැබැයි දැන් ඉන්න පරපුරත් එක්ක ඒ දේවල් ටිකෙන් ටික අඩුවෙලා ගිහින් තියෙනවා. ඇමෙරිකාවේ මිනිස්සු හරිම හොඳයි. කාට වුණත් උදව් කරන්න කැමති පිරිසක්. ඒ වගේම තමයි මෙහේ හැමෝම තමන්ගේ වැඩි ටික කරගෙන පාඩුවේ ජිවත් වෙනවා. එකයි මම ඇමෙරිකාවේ ජිවත් වෙන්න මුලිකම හේතුව.

Advertisement

ඇමෙරිකාවේ ඔබ ගෙවන ජිවිතේ කොහොමද?

Advertisement

මම මෙහේ නිදහස් ජිවීතයක් ගෙවනවා. ගොඩක් සතුටින්. ඒ අතර මගේම කියලා පොඩි ව්‍යාපාරයකුත් මම කරගෙන යනවා. ජිවත් වෙන්න හොඳ මාර්ගයක් හදාගෙන තියෙනවා. ලංකාවේ හිටියට වඩා සාර්ථක ජීවිතයක් මම ඇමෙරිකාව තුළ ගෙවනවා කිව්වොත් හරි.

Advertisement

ලංකාවෙන් ආවට පස්සේ කලා කටයුතුවලට වගේ සම්බන්ධ වුණේ නැද්ද?

Advertisement

නැහැ. මෙහේ මම වැඩ කළේ නැහැ. ව්‍යාපාරික කටයුතුවලට තමයි ගොඩක් වෙලාවට කාලය වෙන් කළේ. ඇමෙරිකාවට ආවට පස්සේ පොටෝ ෂුට් නම් කිහිපයකට සම්බන්ධ වුණා එච්චරයි. දැනට මම මගේම කියලා යූ ටියුබ් චැනල් එකක් කරනවා. හැබැයි ඒකටත් දැන් වෙලාවක් හොයගන්න අමාරු වෙලා තියෙනවා.

Advertisement

වැඩිපුරම කැමති ලංකාවටද? ඇමෙරිකාවටද?

Advertisement

දැන් නම් වැඩිපුරම කැමති ඇමෙරිකාවේ ජිවත් වෙන්න. මම දැන් ඇමෙරිකාවේ ජිවත් වෙන්න අවුරුදු අටක් තිස්සේ. මම ඇමෙරිකාවට හොඳටම දැන් පුරුදු වෙච්ච කෙනෙක්. මෙහේ හැමදෙයක්ම මම දන්නවා. හැබැයි ලංකාවේ මගේ අම්මා හදන කෑම එක ගැන අදටත් මම දුක් වෙනවා. ඇමෙරිකාවේ කෑම නම් ලංකාවේ කෑම තරම් රස නැහැ.

Advertisement

ඇමෙරිකාව වගේ රටක ජිවත් වෙන්න අමාරු නැද්ද?

Advertisement

ගොඩක් අය එහෙම නම් කියනවා. මාත් හිතාගෙන හිටියේ එහෙමයි. හැබැයි දැන් මම අවුරුදු අටක් තිස්සේ මෙහේ ජිවත් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඇමෙරිකානු රජය ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා. හැමදෙයක්ම ලේසියෙන් කරගන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කරන්න වුණත් හරිම ලේසියි. ලංකාවේ වගේ ප්‍රශ්න නැහැ.

Advertisement

දිගටම ඇමෙරිකාවේ ජිවත් වෙන්නද අදහස?

Advertisement

ඔව්, ලංකාවට ඇවිත් යන්න අදහසක් තියෙනවා. හැබැයි නතර වෙන්නේ නැහැ. මොකද, ඇමෙරිකාවේ ජිවත් වෙන්න මට ගොඩක් ලේසියි. හැබැයි ලංකාවට මම ගොඩක් ආදරේයි. මොකද, මම ඉපදුණ රට නිසා.

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *