Latest Articles
Search

නොනවතින කැස්සට නොවරදින පිළියම්

166

මේ දිනවල පැතිර යන වෛරස් තත්ත්වයන් නිසා බොහෝ දෙනා කැස්සෙන් පීඩා විඳිනවා. මෙවැනි කැස්ස තත්ත්වයන් රාත්‍රී කාලය වන විට අධික වනවා. මෙයින් ඔබේ නින්දට බාධා ඇතිවෙන නිසා ඒ සඳහා යොදා ගත හැකි පිළියම් ගැනයි අද අපි කතා කරන්නේ.

Advertisement

කැස්ස රාත්‍රියේදී ඇති වීමට බලපෑ හැකි හේතු මොනවද ?

    • උණ
    • සීතල
    • බ්‍රොන්කයිටීස්
    • ඇදුම
    • ශ්වසන මාර්ගයේ ආසාත්මිකතා
    • වෛරස්
    • නිදන්ගත වෙනත් රෝග

කැස්ස නින්දට බාධා කිරීම පාලනය කර ගැනීමට කළ හැකි පිලියම් මොනවාද ?

මී පැණි සමඟ ඖෂධීය තේ පානය කරන්න 

Advertisement

නින්දට පෙර කැෆේන් අඩංගු නොවන උණුසුම් තේ වර්ගයක් පානය කිරීමට හුරුවන්න. මේ තේ සඳහා සීනි වෙනුවට මී පැණි භාවිතා කිරීමටත් වග බලා ගන්න. මීපැණි වල අඩංගු ඖෂධීය ගුණයන් සහ තේ වල උණුසුම් බව නිසාත් ඔබට කැස්ස පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඕනෑම උණුසුම් ද්‍රව්‍යයක් ඔබේ ශ්වසන මාර්ගවල ඇති ශ්ලේෂ්මල බිඳීමට උපකාරී වීම එයට හේතුවයි

Advertisement

මී පැණි සමඟ ලෙමන් 

Advertisement

නින්දට යාමට පෙර මී පැනි සමග ලෙමන් පානය කිරීමෙන් උගුර සන්සුන් කිරීමට සහ උගුරේ ආසාත්මිකතා වර්දනය වීම පාලනය කරනවා. සමහර පර්යේෂණ වලට අනුව මී පැණි සහ ලෙමන් මගින් කැස්ස සඳහා ඇති ඖෂධ වලින් ලැබෙන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන බව සොයාගෙන තිබෙනවා .

Advertisement

පිරිසිදු ඇඳ ඇතිරිලි භාවිතා කරන්න 

Advertisement

ඔබ නොදන්නවා වුණත් රාත්‍රී කාලයේ දී ඔබට ඇතිවිය හැකි කැස්ස තවත් වර්ධනය කිරීමට හේතුවක් ලෙස අපිරිසිදු ඇඳ ඇතිරිලි සහ විෂබීජ සහිත ඇඳ ඇතිරිලි හේතු වෙනවා. ඔබ කැස්සෙන් පීඩා විඳින කාලයේ දී විශේෂයෙන්ම ඉතා පිරිසිදු කපු ඇඳ ඇතිරිලි භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුයි. අපිරිසිදු ඇඳ ඇතිරිලි සහ කොට්ට උර වල ඇති විෂබීජ පහසුවෙන් ඔබේ ශ්වසන මාර්ග වලට ඇතුළු වී කැස්ස වැඩි කිරීමට හැකියාව තිබෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු ඇතිරිලි භාවිතා කිරීමට වගබලා ගත යුතුයි.

Advertisement

දුම්පානය සහ දුම්පානය නිරාවරණය වීමෙන් වළකින්න

Advertisement

දුම් පානය කිරීම මගින් පෙනහලු දුර්වල වීම වගේම විවිධ ආකාරයේ ශ්වසන අපහසුතා ඇතිවීම සිදුවන බව ඔබ දන්නවා. ඒ වගේම ඔබේ ශ්වසන පද්ධතිය ඉතා පහසුවෙන් ආසාත්මිකතා වලට ගොදුරු වීමත් දුම්පානය නිසා සිදුවනවා. ඊට අමතරව දුම් පානය සිදු නොකරන නමුත් දුමට නිරාවරණය වීම මගින් , සහිත ප්‍රදේශවල කාලය ගත කිරීම මඟින් කැස්ස අධික වීම , ශ්වසන අපහසුතා අධික වීම සහ පෙනහලු වල ආසාත්මිකතා ඇති වීම සිදුවනවා. ඒ නිසා ඔබ දැනටමත් කැස්ස වැනි තත්ත්වයකින් පීඩා විඳිනවා නම් මේ කරුණ පිළිබඳවත් හොදින් සැලකිලිමත් විය යුතුයි

Advertisement

ජනෙල් වසා තබන්න

Advertisement

දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේ දී පරිසරයේ වාතය තරමක් සීතල වනවා. ජනෙල් ඇර තබාගෙන නින්දට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයින් වැළකීමට අවශ්‍යයි. පිටත ඇති සීතල වාතය කාමරයට ඇතුළු වීම මගින් ඔබේ කැස්ස තත්ත්වය වර්ධනය වී එය බරපතල ශ්වසන අපහසුතාවයක් කරා යාමට හැකියාව තිබෙනවා.

Advertisement

හිස තරමක් ඔසවා තබාගන්න

Advertisement

ඔබ නිදා ගන්නා ඉරියව්ව අනුවත් කැස්ස වැඩි වීම සිදු විය හැකියි.ඒ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා හිසට වැඩිපුර කොට්ටයක් තබා ගැනීම , නැත්තම් හිස ප්‍රදේශය එසෙවෙන ආකාරයට සකස් කළ හැකි ඇඳක් භාවිතා කළ හැකියි.

Advertisement

මේ උපක්‍රම භාවිතා කිරීම මඟින් රාත්‍රී කාලයේ දී ඇතිවන පීඩාකාරී කැස්ස නිසා නින්දට බාධා ඇති වීම තරමක් දුරට හෝ පාලනය කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *