Latest Articles
Search

අනතුරින් වෙන් වූ අත බණ්ඩාරවෙල රෝහලට යද්දී රෝගියා දියතලාව රෝහලට

295

බණ්ඩාරවල ඔත්තෙකඩේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

Advertisement

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පස් කණ්ඩියක වැදීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී තිබුණේ. අනතුරින් රියදුරාගේ එක් අතක් වෙන්වී ඇති අතර පාදයකට බරපතල තුවාල සිදුවී තිබෙනවා.

Advertisement

රිය සහායකයා ද අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

Advertisement

අනතුරත් සමග ලොරියේ සිරවූ රියදුරා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පැය භාගයක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.

Advertisement

රියදුරා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ අත කොටස ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් තිබුණේ බණ්ඩාරවෙල දිසා රෝහලටයි.

Advertisement

පසුව නැවත එම අත් කොටස එම ත්‍රී රෝද රථයෙන්ම දියතලාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රියදුරා සැත්කමක් සඳහා බදුල්ල රෝහලට යොමු කිරීමට නියමිතව තිබුණා.

Advertisement

 

Advertisement

චෙක් ජනරජයෙන් එමු පක්ෂීන් හා ලීමර්ස් වඳුරන් මෙරටට

සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ‘එමු’ (Emu) පක්ෂීන් තිදෙනකු සහ ‘රින් ටේල් ලීමර්’ (Ring Tailed Lemur) වදුරන් සිව්දෙනෙකු ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණා.

Advertisement

මාස 04 ක් පමණ වයසැති මෙම ‘එමු’ පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයකි.

Advertisement

‘රින් ටේල් ලීමර්’ වදුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශ වලට ආවේණික, වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති සර්ව භක්ෂක සතුන් විශේෂයකි.

Advertisement

අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වදුරන් දෙදෙනෙකු සහ අවුරුදු 11ක් වයසැති ගැහැනු ලීමර් වදුරන් දෙදෙනෙකු මෙසේ එවා තිබුණි. මෙම සතුන් ඊයේ (06) රාත්‍රී 09.10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 6184 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

Advertisement

මෙම සතුන් පින්නවල, වාගොල්ල සත්වෝද්‍යානයේ ලබන මස 06 දින තෙක් මාසයක කාළයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව, එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *