Latest Articles
Search

ලංකාවේ තරුණයන් හඩවමින් ලස්සන කෙල්ල හර්ෂි විදේශ ගත වෙන්න සැරසෙයි

242

කලා ක්ෂේත්‍රයේ විවිධාකාර ඉසව් ඔස්සේ ඉදිරියටම යන කලාකාරිණියක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා.. ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය බෙහෙවින් දිනාගන්නට සමත් වූ ඇය නමින් හර්ෂි අංජුමාලා. 

Advertisement

හර්ෂි අංජුමාලා . ‘සහෝ’ සිනමා නිර්මාණය තුළින් වෙනස්ම චරිත රංගනයක දකින්න ඉන්නවා නේද?

Advertisement

ඔව්. ඇත්තටම මේ දිනවල ‘සහෝ’ සිනමා නිර්මාණයේ රංගනය වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ‘සහෝ’ කියන්නෙ  මගේ දෙවන සිනමා නිර්මාණය. මේ තුළ මට රංගනයෙන් දායකවෙන්න ලැබිලා තියෙන්නෙ වෙනස්ම විදියෙ චරිත රංගනයකින්. ඒ චරිතය තමයි ‘හිරු’. හිරු කියන්නෙ කෙළි කොල්ලෙක්. ඒ කියන්නේ ඒ ගැහැනු ළමයා ඇතුළෙ පිරිමි චරිතෙකුත් තියෙනවා. එවැනි චරිත අද සමාජයේ ඕනෑ තරම් දකින්නට ලැබෙන චරිතනෙ. නමුත් මට ඒ චරිත රංගනය ගොඩක් වෙනස් සහ නුහුරු බවක් තිබුණා. ඒ නිසාම ඒ සම්බන්ධව වෙනම අධ්‍යයනයක් ඒ තුළ කරන්න සිදුවුණා. ඒ අධ්‍යයනයන් එක්ක මම හිතනවා ඒ ලැබුණු අවස්ථාවට චරිත රංගනයට සාධාරණයක් කළා කියලා. මොකද අද වෙද්දි ඒ ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි.

Advertisement

මේ නිර්මාණයට සම්බන්ධවීම ගැන හර්ෂිට මොකද හිතෙන්නෙ?

Advertisement

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ සිනමා නිර්මාණයක්නෙ  ‘සහෝ’ කියන්නෙ. ඇත්තටම මෙවැනි දැවැන්ත නිර්මාණයක ප්‍රධාන චරිතයකින් මට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු අවස්ථාවක් සහ වාසනාවක්  විදියට මම දකින්නෙ. මේ නිර්මාණය විශ්වවිද්‍යාලයක් වටා ගොඩනැගුණු කතාවක්. ආදරය, අරගලය, කුතුහලය එක්ක හරි ලස්සනට මේ කතාව ගලාගෙන යනවා. ප්‍රධාන චරිත 4ක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ඒ හිරු, සඳු, තරු සහ සහෝ කියන චරිතයන්. මීට පෙර දැක තිබෙන  ආදර කතාවලට වඩා ආදරය වෙනස්ම විදියකට හොයන සිනමා  නිර්මාණයක් තමයි මේ. ඉතින් ලොකු සතුටක් තියෙනවා. මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නට ලැබීම හා අද ලබන ප්‍රතිචාර ගැන විශේෂයෙන් කියන්න ඕනෑ.

Advertisement

මෙහි ප්‍රධාන  චරිත හතර සඳහා රංගනයෙන් දායක වන දසුන් අයියා, බියංක අයියා, ඩිනාරා අක්කා සහ මම මේ නිර්මාණය වෙනුවෙන් ලොකු කැපකිරීම්වලට පෙර තිර පිටපත  කියවීමක් පවා කළා. චිත්‍රපටයට පෙර සූදානමක් තිබුණා. මම හිතන්නෙ අද මේ නිර්මාණය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලින් දකින්න තියෙනවා නිර්මාණයේ සාර්ථක බව ඉතින් මේ සාර්ථකභාවයට හේතුව අපේ පෙර සූදානම වෙන්න ඇති. මේ නිර්මාණයට සම්බන්ධ වුණු ‘සහෝ’ කණ්ඩායමේ සියලුම දෙනාගේ ලොකු කැපවීමක් මේ වෙනුවෙන් තිබුණා.

Advertisement

ඒ සියලු කැපකිරීම් එක්ක අවසානයේ අංජුමාලාව රිදී තිරයෙන් දකිද්දි මොකද හිතුණේ?

Advertisement

ඇත්තටම මාව  රිදී තිරය තුළින් දකිද්දි ඇස්වලට කඳුලක් ආවා. ‘සහෝ’ චිත්‍රපටය රූගත කිරීම් සිදුවුණේ මීට වසර දෙකකට පමණ පෙර වගේ. ඒ කොරෝනා වසංගත කාලේ. ඒ කාලෙන් පසුව මෙය තිරගත වනතුරු බලාගෙන ඉන්න සිදුවුණා. මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ මෙය තිරගත වනතුරු. ඉතින් අද මේ නිර්මාණය තිරගතවෙද්දි නාමාවලියෙ මගේ නම සඳහන් වෙන තැන ඉඳලම මට මාරම  සතුටක් තියෙන්නෙ. මේ වෙද්දි මේ සිනමා නිර්මාණයට සම්මාන රැසකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ විදියට මේ නිර්මාණය ඇගයීමට ලක්වෙන්නෙ. සම්මානයන් ලැබෙන්නේ මේ නිර්මාණය බොහෝ පිරිසක් නරඹලා  තියෙන නිසානෙ. ඉතින් සතුටුයි. ඒ හැමදේම ගැන  මට ලොකු ආඩම්බරයක් දැනෙනවා.

Advertisement

රිදී තිරයේ ඒ විදියට දකින හර්ෂි අංජුමාලා පුංචි තිරයෙත් දකින්න ඉන්නවා නේද?

Advertisement

මේ දිනවල පුංචි තිරයෙ ලොකු ආදරයක් ලැබෙන්නෙ දෙරණ නාළිකාවෙ විකාශය වන  රාජිණී ටෙලිනාට්‍යයේ ‘අභි’ චරිතය හරහා. ‘රාජිණි’ අවුරුද්දක් පුරාවට විකාශය වෙනවා. මේ ටෙලි නිර්මාණය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි. මොකද ‘අභි’ කියන්නෙ නර්තනයක් එක්ක යන චරිත රංගනයක්. මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නෙ නර්තන ශිල්පිනියක් විදියටනෙ. නර්තනය මගේ ජිවිතේ වගේ. ඉතින්  ඒ සම්බන්ධවම චරිත රංගනයක් කරන්න ලැබීම මට හරි විශේෂයි.

Advertisement

‘අභි’ චරිතය තුළ අංජුමාලාට තියෙන සුන්දරම මතකය?

Advertisement

සුන්දරම මතකය කියන්නෙ මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නෙ දෙරණ ලිට්ල් ස්ටාර් තරගය හරහානෙ. ඒ 2008 වසරේ. ඒ තරගයේ 12 පහළ නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව වුණේ මම. ඉතින් මම මුලින් සඳහන්  කළා වගේ මේ ‘රාජිණි’ කතාවෙ මගේ චරිතය ‘අභි’ කියන්නෙ නර්තන ශිල්පිනියකගේ චරිතයක්නෙ, ඉතින් මේ නිර්මාණයේ  මුල් කොටස්වල අභිෂේකාගේ අම්මාට ඇය පුංචි කාලෙ නර්තනයන් කරපු විදිය මතකයට නැගෙනවා. ඒ මතකයන්වල රූප රාමුවලට යොදාගත්තෙ මගේ පුංචි කාලෙ ඇත්ත නර්තනයන්. පුංචි කාලෙ මම දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියේ ඉදිරිපත් කරපු නර්තනයන් ඒ වීඩියෝ දෙරණ නාළිකාවෙන්ම අරගෙන තිබුණා. ඉතින් රංගනයෙන් දායක වන චරිතයකට මගේම පුංචි කාලෙ වීඩියෝ යොදාගැනීම ලොකු විශේෂත්වයක්. මේ මගේම කතාව කියලා මට දැනෙන තරමට ‘අභි’ චරිතය මට ළඟයි.  ඉතින් මට මේ රංගනය ලොකු විශේෂත්වයක්.

Advertisement

ඒ වගේම මම මේ නිර්මාණයේ කැමතිම දේ තමයි අම්මා සහ දුව අතර තියෙන බැඳීම. ඒ සම්බන්ධව මේ තුළ හරි  ලස්සනට කතා කරනවා. පෞද්ගලික ජීවිතේ ගත්තම හර්ෂි අංජුමාලා කියන්නෙත් අම්මාට ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් මේ නිර්මාණයේ සමහර රූගත කිරීම් සිදුවෙද්දී හරිම සංවේදී වන තැන් තියෙනවා. ඒ සමහර තැන් කාන්තාවක විදියට රංගනයේ යෙදෙන අවස්ථා තියෙනවා. සමහර සංවේදි රංගන අවස්ථාවලට මට ඉබේම කඳුළු එන අවස්ථා තියෙනවා. ඒ පිටපත දැක්කමත් මටම පිටපත ලිව්වා වගේ හිතෙනවා. සමහර තැන් විශේෂයෙන් මතක් කරන්න ඕනා රාජිණි පිටපත් රචිකාව අනෝමා විජේවර්ධන මහත්මිය සහ මෙහි අධ්‍යක්ෂවරයා තිලිණ බොරළැස්ස. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ලොකුම ශක්තියක් චරිතය සාර්ථකව කරගෙන යන්න.

Advertisement

අංජුමාලා නර්තන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයට එකතු වුණත් අද ඒ තුළ විවිධාකාර මාර්ගයන්වලට ගිහින් තියෙනවා නේද?

Advertisement

ඔව්, මම නර්තනයෙන් ගමන ආරම්භ කළාට අද වෙද්දි පියවරෙන් පියවර විවිධ තැන් ස්පර්ශ කරන්න හැකිවුණා. ඒ තුළ රංගනය, නිවේදනය, නිරූපණය, හැඩකැවීම සියලුම දේ කළා. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘‘මං ඔබේ ළඟින්’’ කියන ජපන්  නාට්‍යයේ ප්‍රධාන චරිතයට හඬකැවීම් කරනවා. ඇත්තටම මේ විදියට කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මට ලොකුම ශක්තිය වුණේ මගේ අම්මා. අම්මා මට අධ්‍යාපනය පැත්තෙනුත් හොඳ පසුබිමක් හැදුවා. විශ්වවිද්‍යාලය දක්වාම යන්න එ් පසුබිම හැදුවා වගේම අධ්‍යාපනය හදාරන ගමන් කලා ක්ෂේත්‍රයටත් මාව යොමු කළා. මගේ දක්ෂතාවයන් මූලින්ම හඳුනාගෙන මේ දක්වාම ගමනක් අරගෙන එන්න මුල්ම අඩිතාලම දැම්මෙ අම්මා තමයි.  ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ.

Advertisement

මෑතක ඔබ විවාහ දිවියට පත් වුණානෙ. ඔහු ගැනත් පුංචි සඳහනක් කරමු?

Advertisement

ඔහු අම්ජු සංජය. යෝජිත විවාහයකින් තමයි අපේ විවාහය සිදුවුණේ. ඉතින් අද වෙද්දි ඔහුගෙන් මගේ කලා ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහු විදෙස්ගත වෙලා ඉන්නෙ. ඉතින් ඉතා නුදුරෙම මාත් විදෙස්ගතවෙන්නට නියමිතව ඉන්නවා.

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement

ධනු විජේරත්න

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *