Latest Articles
Search

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවා ඉවත්කරයි

778

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබේ.

Advertisement

මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු අප සමග පැවසූවේ, එම කඩ  මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත් අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බවත්ය.

Advertisement

මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

Advertisement

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවය.

Advertisement

මීට පෙර ද මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුනි.

Advertisement

එහිදී STREET FOOD කඩ මාර්ගයෙන් තරමක් පස්සට ගැනීමට එකඟතාවය ඇති වුවද සමහර කඩ තවමත් මාර්ගය අවහිර වන සේ අලෙවිසැල් පවත්වාගෙන යන අයුරු එම ස්ථානයේ දැක්නට ලැබේ.

Advertisement

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙළිවෙයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

Advertisement

ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බව අනාවරණය වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

Advertisement

එසේම රෝගී ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව ඔහු පැවසීය.

Advertisement

එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වී ඇති බවද ඒකනායක මහතා පවසයි.

Advertisement

එසේ මියගොස් ඇත්තේ සහ රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් ය.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

Advertisement

ගාල්ල බන්ධනාගාරයේ  සිරකරුවන්ට 1,023 දෙනෙක් මේ වනවිට රඳවා සිටිති.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *