Latest Articles
Search

කතකට අවමන් කළ ගම්පහ දුම්රිය ලොක්කා

232

ගම්පහ ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක ප්‍රධානියක් සහ ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියකු ප්‍රසිද්ධියේ අවමන් කරමින් බැන වැදුණැයි එම කාන්තාව  නිලධාරීන් දෙදෙනාට එරෙහිව  පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

Advertisement

එම කාන්තාව ඇයගේ එකොළොස් හැවිරිදි දරුවා ද කැටිව ගම්පහ දුම්රිය ස්ථානයේ සිට අදාල  දුම්රිය ස්ථානයෙන් බැස තිබේ.

Advertisement

දොරටුවේ සිටි දුම්රිය ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියා ඇයගෙන් ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටි අවස්ථාව එය ලබාදීමට ප්‍රමාද වූ වූයේ යැයි චෝදනා කරමින් මගීන්  ඉදිරියේ ප්‍රසිද්ධියේම අවමන් සහගත ලෙස ලෙස බැණ වැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Advertisement

මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මේ බව පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ ඔහු ද එවැනිම ආකාරයට ප්‍රසිද්ධියේ බැන වැදී යළි දුම්රිය ස්ථානයට නොපැමිණෙන ලෙසට ද තර්ජනය කළැය ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ

Advertisement

දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාගේ ඡායාරූප ලබාගත් බවත් තමන් ද මෙම සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගත් බවත් එම කාන්තාව පොලිසියට පවසා ඇත.

Advertisement

‘‘අවුරුදු පහට අඩු දරුවනට හරියට පෝෂණයක් නෑ‘

ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරු දරුවන්ගෙන් සියයට 15 කගේම උසට සරිලන බර නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

Advertisement

අපි ආහාර ගන්නේ නිකම් බඩ පිරෙන්නම විතරක් නෙවෙයි. ආහාරවලින් අපේ ශරිරයට අවශ්‍ය ශක්තිය ලැබෙන පෝෂණය ලැබෙන්න ඕන. අපේ ශරීරයේ අවයව ක්‍රියාත්මක වීමට අවශ්‍ය විටමින් වර්ග ඛණිජ වර්ග ඇතුළු සියලු දේ ලබා දෙන්නේ අපි ගන්නා ආහාරවලින්.

Advertisement

අපි ගන්නා ආහාරවල පෝෂණය නිසි ලෙස නොතිබුණොත් විවිධ ලෙඩ රෝගවලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඌණ පෝෂණය. කුඩු දරුවන් අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලබා නොගත්තොත් වයසට සරිලන උසක් නැති වෙන්න පුළුවන්.

Advertisement

ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට නවයක්ම වයසට සරිලන උසක් නෑ එයට අමතරව අවුරුදු පහට අඩු දරුවන් අතර වයසට අවශ්‍ය බර නොමැති දරුවන් සියයට 10 ක් සිටිනවා. එයටත් අමතරව උසට සරිලන බරක් නොමැති දරුවන් සියයට 15 ක් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර සිටිනවා. ‍

Advertisement

කුඩා දරුවන් තමයි රටේ අනාගතය වෙන්නේ දරුවන් අතර නිසි පෝෂණයක් නොමැති වුවොත් ඒකේ අනිසි විපාක තව අවුරුදු 10 ක් 15 ක් යද්දී දැක ගන්න පුළුවන් වෙයි. යැයිද ඇය මෙහිදි සඳහන් කළාය.

Advertisement

ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මහනුවර ගෙලිඔය ඹුරුතගහමුල පැවැති වැඩසටහනට ප්‍රධාන දේශණය පවත්වමිනි.

Advertisement

කොළඹ ගම්පහ මහනුවර ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් තෝරා ගත් අඩු පෝෂණයක් සහිත දරුවන්ට රුපියල් කෝටි දෙකක් ඩයමන්ඩ් කිරි පිටි පැකට් 18,750 ක් බෙදා දිම සඳහා මෙම උත්සවය මේ බව කීවාය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *