Latest Articles
Search

විසිට් වීසා වලින් ජොබ් වලට ආයේ යන්න වෙන්නේ නෑ

3181

ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා ගෙන විදේශගතවිම් වළක්වා ගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ඊයේ (21) විවෘත කර තිබෙනවා.

Advertisement

මෙම ඒකකය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මතයි.

Advertisement

මනුෂ නානායක්කාර මහතා පවසන්නේ මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නිසා එය වළක්වා ගැනීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බවයි.

Advertisement

මේ ඒකකය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබෙනවා.

Advertisement

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු මෙහි සිදු කළයුතු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

Advertisement

ජෙරම් සමාව ගතයුත්තේ ඕමල්පේ හිමියන්ගෙන් නොව බුදුන්වහන්සේගෙන් – ඇල්ලේ ගුණවංශ හිමි

ජෙරම් ප්‍රනාන්දු මහතා බුදුන්වහන්සේට කළ අපහාසයට සමාව ගැනීම සඳහා කළ යුත්තේ ඕමල්පේ සෝභිත හිමියන් හමුවීමට දෙමාපියන් යැවීමට නොව බුදුන්වහන්සේගෙන් සමාව ගැනීම යැයි ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කළා.

Advertisement

මෙය හරියට ලංකාවට බැනලා ඉන්දියාවෙන් සමාව ගැනීමක් වැනි යැයිද උන්වහන්සේ කියා සිටියා.

Advertisement

බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයන්ට අපහාස වන ලෙස චෝදනා එල්ල කළේ ජෙරම් ප්‍රනාන්දු බවත් සෝභිත හිමියන්ගෙන් සමාව ගැනීමට පැමිණි ජෙරම්ගේ දෙමාපියන් කිසිම අවස්ථාවක බුදුන් වහන්සේට අපහාස කළ බවට වාර්තාවී නැති බවත් ගුණවංශ හිමියෝ සඳහන් කළා.

Advertisement

මේ සම්බන්ධයෙන් කථා කිරීමට තමන් වහන්සේ හමුවීමට අවශ්‍ය බවට ඉහළම පිරිස් කතා කළ බවත් එම පිරිස්වලටද ධර්මායතනය පැත්ත පළාතේ නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් උන්වහන්සේ පැවසුවා.

Advertisement

ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම කර ඇත්තේ තමන් ඇතුළු ආගම් කිහිපයක නායකයන් බවත් එම නඩුවේ පාර්ශ්වකරුවන් ලෙස ඕමල්පේ සෝභිත හිමියන් නොමැති බවත් ගුණවංශ හිමියෝ පවසා සිටියා.

Advertisement

මේ වනවිට රට තුළ සිවුරු දරාගෙන විවිධ භික්ෂූන් නොවන පිරිස් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට මහානායක හිමියන් කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළා.

Advertisement

වාහනයක් හෝ දේපළකට අයිතිකරුවෙක් පෙනී සිටියත් බුදුන්වහන්සේගේ දහමට අයිතිකාරයෙක් නැති දහමක් බවට පත්වීමට යෑම ඉතාම අභාග්‍යසම්පන්න තත්ත්වයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *