Latest Articles
Search

තව මාස දෙකක් වැස්ස නෑ

415

ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ )ශිරෝමණි ජයවර්ධන මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

Advertisement

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී බවද ඇය කීවාය.

Advertisement

සාමාන්‍යයෙන් අගෝස්තු  දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන  මාසයක් බව පැවසූ ජයවර්ධන  මහත්මිය එල්නිනෝ තත්වය හේතුවෙන්  මෙවර එය ප්‍රබලවූ බවද ප්‍රකාශ කළාය.

Advertisement

රටේ කාලගුණ තත්වය සම්බන්ධයෙන් මේ මාසය අග නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව ශිරෝමණී ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Advertisement

 

Advertisement

ප්‍රථම කුඹල් පෙරහර ගමන් ආරම්භ කරයි

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර  07 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පෙරහර ගමන් ආරම්භ කළේය.

Advertisement

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව වඩම්මවමින් දළදා මාලිගාවේ සඳගල මත පය තැබූ මොහොත .

Advertisement

ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස කණ්ඩුල සහ මියන් රාජා හස්තියා ගමන් කළේය. පෙරහර සජීවි විකාශය lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.

Advertisement

(ෂේන් සෙනෙවිරත්න)

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *