Latest Articles
Search

පියා මිය ගොස් සිටියදී ලොව ජයගත් දිරිය දියණිය

126

සිඩ්නි හි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ඊයේ(20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුවේය.

Advertisement

එම තරඟයේදී එංගලන්ත පාපන්දු කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලබා නොදුන් අතර  ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම මෙන්ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට එම කණ්ඩායමේ ක්‍රීඩිකා 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා සමත් විය. ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ නායිකාවද වේ.

Advertisement

ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුවද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් ලැබී නැත.එයට හේතු වී ඇත්තේ ලෝක කුසලානය ජයග්‍රහණය කර මිනිත්තු කීපයක් ඇතුළත ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මියගොස් ඇති බව ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දීමට කටයුතු කිරීමයි.

Advertisement

දිගු කාලීන රෝගී තත්ත්වයක් සමඟ සටන් වදිමින් සිටි ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මිය ගියත් ඇයගේ පවුලේ සාමාජිකයන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නිමවන තෙක් ඇයට මෙම අසුබ පුවත දැනුම් දීම සිදු නොකළ යුතු බව තීරණය කිරීම හේතුවෙන් ඇයට මෙම අසුබ පුවත දැනුම් නොදුන් බවත් අවසන් තරඟය නිම වූ වහාම ඇයට මෙම අසුබ පුවත දැනුම්දීමට ක්‍රියා කළ බවත් ස්පාඤ්ඤ පාපන්දු සංගමය පවසා ඇත.

Advertisement

තමාගේ පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා කාර්මෝනා ප්‍රකාශයක් නිකුත් කරමින් තම පියාට ගෞරව දැක්වූවාය.ඔබගේ මරණය ගැන නොදැනුවත්ව මගේ නිල ඇඳුමේ තරු පැළඳ ගනිමින් අවසාන තරඟයට ක්‍රීඩා කලා.ඉතාම සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩ ඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබා දුන්නා මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරඟය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *