Latest Articles
Search

පැලෝපීය නාලයේ කළලය සිරවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

587

පැලෝපීය නාලයක් පුපුරා යාමෙන් කාන්තාවක් මිය යාමේ සිද්ධියක් යාපනයෙන් වාර්තා වනවා.

Advertisement

යාපනයේ, පුලෝලි ප්‍රදේශයේ පාසලක උගන්වමින් සිටි 30 හැවිරිදි ගුරුවරියකයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Advertisement

හදිසියේ ඇති වූ උදරාබාධයකින් පෙළුණු ඇය ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

Advertisement

කෙසේ වෙතත් ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග තහවුරු කර ඇත්තේ.

Advertisement

ඇයගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පැලෝපීය නාලය තුළ කළලය සිරවීම නිසා පැලෝපීය නාලය පුපුරා යාමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

Advertisement

මැතිසබේ කාමරයකින් කොට්ට මෙට්ට හමු වූ කතා අසත්‍යයි

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අවධාරණය කරනවා.

Advertisement

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ පසුගිය ජූලි 30 වනදා සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර මේ වනවිටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි මහ ලේකම්වරිය සඳහන් කළේ.

Advertisement

මේ වනවිට අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා.

Advertisement

එම කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙතද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවයි රෝහණදීර මහත්මිය කියාසිටියේ.

Advertisement

මේ වන විට අදාළ කමිටු විමර්ෂණ අපක්ෂපාතීව සිදු කෙරෙමින් පවතින අතර කිසියම් නිලධාරියෙකුට එරෙහි චෝදනාවක් තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරිය අවධාරණය කළා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *