Latest Articles
Search

“අම්මයි තාත්තයි වැඩට ගියාම අයියා කරදර කරනවා..” – 6 ශ්‍රේණියේ දරුවෙක් සියල්ල හෙළි කරයි

1535

තම එකොළොස් හැවිරිදි බාල සහෝදරයාට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන අයියා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

Advertisement

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරාසන්නයේ ගමක පදිංචි, 22 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

Advertisement

වැඩිමහල් සහෝදරයා තමන්ට ලිංගික අපයෝජනයන් කරන බවත් ඊට අකමැති වන විට පහර දෙන බවත් පවසමින්, 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු ඥාති කාන්තාවකට සිදු කළ දැනුම් දීමකට අනුව එම කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Advertisement

සිද්ධියට මුහුණ පෑ දරුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, මව ආපන ශාලාවක රැකියාව සඳහා උදෑසන 7ට නිවසින් පිටව ගොස් රාත්‍රී 11 යළි නිවෙසට පැමිණෙන බවත්, දහවල් කාලයේ දී සිය වැඩිමහල් සහෝදරයා සමග නිවසේ තනිව සිටින විටදී අවස්ථා ගණනාවකදී සහෝදරයා විසින් එම දරුවාට ලිංගික අපයෝජනය සිදු කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

Advertisement

දෙදෙනාගේම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වින්දිත දරුවා සහ සැකකරු මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *