Latest Articles
Search

සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා

700

මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම නිසා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Advertisement

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කොට ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.

Advertisement

මෙම පහරදීම් සිදු කොට ඇත්තේ යාපනය ඩිපෝවට අයත් මහනුවර සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තර වරයෙක‍ෙ

Advertisement

හබරණ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලෙන් අනුරාධපුර මාර්ගයේ ගමන් කරන බස් රථයට ගොඩ වී ඇත්තේ කැකිරාව කොටාගල පිරිවෙනට ගමන් කිරීමට බව පොලීසිය කියයි.

Advertisement

ඒ සඳහා දඹුල්ල බස් ඩිපෝවෙන් මුදල් ගෙවා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් සිසුවා විසින් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි .

Advertisement

බස් රථයට ගොඩ නොවන ලෙස කොන්දොස්තරවරයා කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවා මේ දිනවල විභාගය පවතින නිසා ‍ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව ඉල්ලා බස් රථයට ගොඩ වීමට සූදානම් වනවාත් සමඟ කොන්දොස්තරවරයා මෙම පාසල් සිසුවා බස් රථයෙන් එළියට ඇද දමා කනට පහරදී ඇතැයි පොලිසිය කියයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *