Latest Articles
Search

කන්න දෙයක් නැතිව ශිෂ්‍ය නායිකාව කුරුම්බා මද ගෙනල්ලා

168

මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලක  ශිෂ්‍ය නායිකාවක දිවා ආහාරය සදහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ  පුවතක් වාර්තා වෙයි

Advertisement

ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අධ්‍යාපනයට දක්ෂ සිසුවියකි. ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ කටයුතු කරන්නිය.

Advertisement

ස්ථීර රැකියාවක් නෙැමිති ඇයගේ පියා ප්‍රදේශයේ කුළී රැකියාවක නිරතව සිටින අතර , ඇයගේ මව ගෙදර දොර වැඩ කටයුතු බලා ගෙන සිටින්නීය. ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කීප දෙනකු ද සිටින්නීය.

Advertisement

එම පාසලේ දිවා විවේක කාලයේ අනෙකුත් සිසුන් සමග මෙම ශිෂ්‍යනායිකාව ද ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ මෙම සිදු වීම අනාවණය සිදු වී තිබේ .

Advertisement

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුරටත් එම පාසැලේ ගුරු භවතුන් සමග සාකච්ඡා කිරීමේදී මෙම සිද්ධියෙන් පසුව , පාසලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කීපයක් සකස් කර ගෙන පැමිණ , එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව සදහන් කරනු ලැබීය..

Advertisement

මෙම සිද්ධියට සමගාමිව 3 ශ්‍රේණිය තුළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද මුහුණ පා තිබුණි .

Advertisement

මෙම විද්‍යාලයේ ගුරු භවතුන් දරුවන් පිළිබඳව සොයා බැලීමේදී මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සදහා කිසිවක් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ .

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *