Latest Articles
Search

ක්‍රිකට් සල්ලි ඩොලර් කෝටි හතරකට විදින්න යයි

223

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් (රුපියල් කෝටි 1400 අධික) රැස්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය එම ඩොලර් ගිලදැමීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (15) පැවසීය.

Advertisement

ක්‍රිකට් පරිපාලනයට ප්‍රශ්න ඇති කර අතුරු කමිටුවක් පත්කළ පසු ක්‍රිකට් ආයතනය නැවත ණය කිරීම පිරිසකගේ ඉලක්කය බව කී ශම්මි සිල්වා මහතා පසුගිය කාලයේ ණය මත කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ණය ඉල්ලා නොසිටීම පිළිබඳව පැසසුමට ලක්ව ඇති බව ද සඳහන් කළේය.

Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය තත්වය හොඳ තත්වයක තිබෙන විට පරිපාලනය ඩැහැගැනීමට පසුපස සිටින පුද්ගලයන් කවුදැයි දැනුවත් සිටින බවත් එවැනි පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනය ඩැහැගැනීමට කිසිඳු ඉඩක් නොතබන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (15) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ කවුරු චෝදනා කළ ද වර්තමාන ක්‍රිකට් විධායක කමිටුව වඩාත් විනිවිදභාවයෙන් යුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *