ඥාතියකුගේ නිවෙසේ සාදයකට පැමිණ එම නිවෙසේ ඉදිකර තිබූ නවීන අංගෝපාංගවලින් සමන්විත නානකාමරයේ සෙල්පි ඡායාරූප ගැනීමට ගොස් වටිනා ජංගම දුරකතනයක් නානකාමරයේ වැසිකිළියට වැටීම නිසා අකරතැබ්බයකට මුහුණ දුන් තරුණියන් පිරිසක් පිළිබඳ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තාවේ.

Advertisement

විදේශගතව සිට පැමිණි තරුණයෙක් ඥාතීන්ට සංග්‍රහ කිරීමේ අරමුණෙන් සිය නිවෙසේ සාදයක් පැවැත්වීය. ලංකාවට පැමිණෙන විට රැගෙනවිත් තිබූ විවිධ වූ නවීන උපකරණවලින් අධි සුඛෝපභෝගී ලෙස සිය නිවෙසේ නානකාමරය ඉදිකිරීමට ඔහු කටයුතු කර තිබුණි.

Advertisement

සාදයට පෙර  විටින් විට නිවෙසට පැමිණි ඥාතීන්ගෙන් ඉදිකර තිබූ  නාන කාමරය පිළිබඳව පුවත අනෙකුත් ඥාතීන් අතරට ද පැතිර ගියේය. නවීන පන්නයේ නාන කාමරයේ සිරි නැරඹීම  සාදය සඳහා නිවෙසට පැමිණි බොහෝ ඥාතීන්ගේ ප්‍රම්‍රඛ කාර්යක් විය. එම නිසාම ඇතැම් අවස්ථාවල නාන කාමරය අසල දැඩි තදබදයක් ද ඇතිවී තිබුණි.

Advertisement

ඥාතින් පිරිසක් සාදයට පැමිණ සිටි අතර එම පිරිස අතර නව යොවුන් වියේ පසුවන තරුණියෝ පිරිසක් ද වූහ. දෙතුන් දෙනා බැගින් නිතර නිතර නාන කාමරයට යන ඔවුහු ටික වේලාවක් එහි රැඳී සිටියහ

Advertisement

නවීන ඇඳුම් විලාසිතාවලින් හැඩගැන්වී සිටි තරුණියන් පිරිසේ සිටි කිහිප දෙනෙක් තමන් බටහිර පන්නයට ජීවත් වන පිරිසක් ලෙස හුවා දැක්වීමට දැඩි උත්සාහයක ද නිරත වූහ. තරුණියන් පස්දෙනකුගේ පමණ කණ්ඩායමක් නාන කාමරයට ගොස් ටික වේලාවකින් මහ හඩින් කෑ ගසන්නට වීම නිසා සාදයට පැමිණ පිරිස කලබලයට පත් වූහ. නානකාමරයේ දොර විවෘත කර බලනවිට තරුණියෝ පිරිස එහි ඇති වැසිකිළිය දෙසට නෙත් යොමුකරමින් විවිධ දේ පවසමින් එක් තරුණියකට දොස් පවරමින් සිටියහ.

Advertisement

වැඩිහිටියෙක් වැසිකිළියට නෙත් යොමුකර බලද්දි එහි ජංගම දුරකතනයක් ඇති බව දුටුවේය. තරුණියන් පිරිස නාන කාමරය තුළ විවිධ ඉරියව්වලින් සෙල්පි ඡායාරූප ගැනීමේ දී එක් අයෙකු අත රැඳි දුරකතනය වැසිකිළියට වැටී තිබුණු බව සිද්ධිය පිළිබඳ වැඩිහිටියකු කළ විමසුමේ දී අනාවරණය විය.

Advertisement

අත් මේස් යුගලයක් පැළඳ වැසිකිළිය තුළට අත දමා ජංගම දුරකතනය ගෙන නිවෙසින් පිටතට විසිකිරීමට වැඩිහිටියා කටයුතු කර තරුණියන් පිරිසට ලු‍ණු අැඹුල් සහිත දේශනාවක් කිරීමට ද අමතක නොකළේය.

Advertisement

නානකාමරයේ සෙල්පි කතාව සාදය පුරා පැතිරයාමට වැඩි වේලාවක් ගත නොවූ අතර වැඩිහිටියන් තම තරුණ දියණියන් ද රැගෙන රාත්‍රී ආහාරය ද නොගෙන පිටත්ව ගිය බවද සැලවේ.

Advertisement

Source : Lankadeepa

Advertisement