Latest Articles
Search

චාල්ස් කුමරුගේ රිය ඉදිරියට පැන්න පුද්ගලයා විගස අත්අඩංගුවට ගනී – බි්‍රතාන්‍ය බුද්ධි සේවාව පරීක්‍ෂණ අරඹයි

192

චාල්ස් කුමරු රජු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේ ඔහුගේ මෝටර් රිය ඉදිරියට පැන්න පුද්ගලයා විගස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් ඔහු අල්ලා මාංචු දමා තිබේ. තත්පර කීපයක් තුළ සිදුවූ මෙම සිද්ධියේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය ගැන ජනතාව සතුට පළකර ඇත.

Advertisement

මොහු කවුදැයි මෙතෙක් හෙළිවී නැත. එම්. අයි. 6 බුද්ධි සේවාව මේ පුද්ගලයා ගැන විමර්ශන අරඹා ඇත. චාල්ස් කුමරුගේ රිය ඉදිරියට එන අවස්ථාවේ මොහු මාර්ග බාධකය බිඳ දමා මාර්ගයට අවතීර්ණ වී තිබේ.

Advertisement

ඇන්ටිගුවා සහ බර්බාඩු රාජ්‍යය චාල්ස් කුමරු රජු ලෙස පිළිගැනීම අහෝසි කිරීමට තීරණය කරයි.

Advertisement

පොදු රාජ්‍ය මණ්ඩල රටක් වූ ඇන්ටිගුවා සහ බර්බාඩු චාල්ස් කුමරා එරට නායකයා ලෙස පිළිගැනීම අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙය කැරිබියානු රාජ්‍යයකි.

Advertisement

මේ බව අගමැති ගැස්ටන් බ්‍රවුන් හෙළිකර තිබේ. ඉදිරි තෙවසර තුළ මෙය පැවැත්වේ. 1981 දී බි්‍රතාන්‍යයෙන් නිදහස ලබාගත් මෙම රාජ්‍ය එම පියවර ගෙන ඇත්තේ ජනරජයක් කිරීමේ අරමුණින් බව අගමැති බ්‍රවුන් තවදුරටත් පළකර ඇත. ජනතාව ඒ සඳහා අනුමැතිය දුන්නොත් ඇන්ටිගුවා සහ බර්බාඩු රාජ්‍යය චාල්ස් කුමරු රටේ නායකයා ලෙස පිළිගැනීම අහෝසි වෙයි.

Advertisement

Source :divaina

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *