Latest Articles
Search

දෙවන එලිසබෙත් රැජිණගේ අවසන් චාරිකාව ඇරඹෙයි… ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගාවේ සිට හොලිරූඩ්හවුස් මාලිගය වෙත පැමිණෙයි

229
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ අවසන් කටයුතු පිළිබඳව මේ වෙද්දි මුළු ලෝකයක් දෑස් දල්වා බලා සිටිනවා. දෙවන එලිසබෙත් රැජිණගේ චාරිකාව ආරම්භ කරමින් ඇයගේ දේහය රැගත් රිය පෙරහැර ඊයේ ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගාවෙන් පිටත් වුණා.
මෙම රථ පෙලපාලිය සඳහා පොලිස් වාහන ඇතුළු වාහන 45 ක් ඇතුලත්ව තිබෙනවා. දේහය රැගත් රථයට පිටුපසින් ගමන් කරන රථයේ රැජිණගේ දියණිය, The Princess Royal, ඈන් කුමරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ වයිස් අද්මිරාල් ශ්‍රිමත් Tim Laurence ගමන් කරමින් සිටින අතර ඇය ලන්ඩන් නුවර දක්වා දේහය සමඟ පැමිණිමට නියමිත වේ.

Advertisement

රාජකීය දේහය අද දිනය තුල පැය 6ක කාලයක් ගෙවමින් සැතපුම් 175 දුර පසුකරමින් බැල්මරෝ සිට ඇබර්ඩින් හා ඩන්ඩි නගර හරහා එඩිම්බරෝ අගනුවරට ලඟාවීමට වුණා.

Advertisement

පැය 6ක ගමණකින් පසුව බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය හොලිරූඩ්හවුස් මාලිගය වෙත පැමිණි අතර ඇය අද රාත්‍රිය එහි සිංහාසන කාමරයේ ගතකිරීමට නියමිතයි.

Advertisement

පහත දැක්වෙන්නේ එම රථ පෙළපාලියේ ඡායාරූප සහ ඇගේ දේහයට ජනතාව ආචාර දක්වන ඡායාරූපයි.

Advertisement


Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *